IPL තරග සැලැස්ම ප්‍රකාශයට පත් කරයි

0
192

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් මස 09 වනදා ආරම්භ කිරීමට තීරණයකර තිබේ.

තරගාවලිය මැයි මස 30 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කරඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයකර ඇත.

14 වන වරට පැවැත්වෙන මෙවර IPL ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 08ක් තරග වැදීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවැත්වීමට සැලසුම්කර තිබේ.

අවසන් මහා තරගය ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here