EXCLUSIVEඩෝසර් කරලා තියෙන්නේ බුවනෙකබා රජුගේ රාජසභා මණ්ඩපයමයි : පංච පුද්ගල වාර්තාව හෙට මහින්ද අතට

0
285

කුරුණෑගල නගරාධිපතිවරයා විසින් ඩෝසර් කර ඇත්තේ කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය බවට හදුන්වන ඉපැරණි ගොඩනැගිල්ල බවට මූලික නිරීක්‍ෂණයේදී හදුනාගත් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසයි.

 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති විසින් පත්කල පංච පුද්ගල විද්වත් කමිටුව ඊයේ (ජුලි 18) දිනයේ එම ස්ථානය නිරීක්ෂණය කරනු ලැබු අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණයේ වාර්තාව කඩිනමින් භාරදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී මාධ්‍ය හමුවේ කියා සිටියේය.

 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති විසින් පත්කල පංච පුද්ගල විද්වත් කමිටුවේ සභාපතිවරයාද වන ආචාර්ය සෙනරත් දිසානායක සදහන් කළේ, අංග සම්පූර්ණ වාර්තාවක් හෙට (20) දිනය වනවිට ලබාදීමට හැකි උපරිම උත්සාහ දරන බවයි.

 

ඒ අනුව කුරුණෑගල මහ නගර සභාව විසින් කඩා දැමූ බව කියන ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ලට සිදුව ඇති හානිය එය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ඇති හැකියාව මෙන්ම, එහි පෞරාණිකත්වය පිළිබදවද වාර්තාවට තොරතුරු ඇතුළත් කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here