අකිල කෘත්‍යාධිකාරී තීන්දුවට පයින් ගසා එජාපය වනසන තීන්දුව ගනී

0
254

එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ බිහිවූ අදබාලම සහ ප්‍රෝඩාකාරීම  මහලේකම් ලෙස අද අකිල විරාජ් කාරියවසම් ඉතිහාසගත විය.

මීට දසර 72ට පෙරාතුව ෆාම්කෝට් මන්දිරයේදී රැස්ව එජාපය බිහිකළ ශ්‍රෙෂ්ඨයින් සිය මිනී වලෙන් නැගිට විත් අකිලගේ මුහුණ කෙල ගසන්නට හැකිනම් එය ඔවුන් නොවලහා කරනු ඇත.

වසර තිහකට කිට්ටු කාලයක් නොසන්ඩාල නායකයෙක් විසින් එජාපය හිටි මැරීමේ උවදුරට ලක් කළ අතර ,අද අකිල තීන්දු කොට තිබෙන්නේ එජාපය මිනී වලට දමා අවසන් පස් පිඩැල්ල දැමීමය.

දෛවයේ සරදම වන්නේ මේ මහා සාපරාධී කටයුත්තේ ඒකාන්ත වියරුව රගපෑවේ රනිල්-අකිල යන අන්‍යොන්‍ය ලෙංගතු මිතුරන් දෙදෙනා ය.

මිනිසුන් දෙදෙනෙක් තවත් අතලොස්සකගේ සහය ගෙන ශ්‍රීලංකාවේ දෙවැනි පැරණිතම පක්ෂයේ අවසන් කටයුතු සිදු කළේය.

සමගි ජන බලවේගය පිහිටුවා සන්ධාන ගතව මැතිවරණයට යමු කියා තීන්දු කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මිස සජිත් නොවේ.

එහි නායකත්වය ,එහි මහලේකම් පත් කිරීමේ බලය,නාමයෝජනා කමිටු සභාපති දූරය සජිත් ප්‍රේමදාසට හිමිවුයේ කෘත්‍යාධිකාරී තීන්දුව ප්‍රකාරවය.

නමුත් සාහසික සහ තුච්ච පන්නයේ කුහක වත අකිලලා විටින් විට පිළිඹිඹු කළේය .

අවශේෂ කාරනා ඉස්මතු කරමින් ඔවුහූ සියල්ල කඩාකප්පල් කර්න්නට පිඹුරුපත් සැකසීය. 

එහෙත් සජිත්ලා රනිල්ලාගේ උපක්‍රමයට හසු වූයේ නැත.

ඩීල් දේශපාලනයේ කෙල පැමිණි රනිල් පිල නටන නාඩගම සජිත්ලා ඉවසා සිටියහ.

වරු ගනන් විනාශ කරමින් අනවශ්‍ය රැස්වීම් කැදවමින් හිස් ප්‍රලාප දොඩවමින් අකිලලා කල් මැරුවේ මැතිවරණය ඔඩොක්කුවට වැටෙන තුරුය.

එහි වාසිය රාජපක්ෂලාට අත්කොට දීමේ සාහසික න්‍යායපත්‍රය තිබුණේ රනිල්ගේ සාක්කුවේ ය.

අමු බේගල් ඇද බාමින් බලය ඩැහැගත් රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි දින දින වර්ධනය වන ජනතා විරෝධය රනිල්ලාගේත් අකිලලාගේත් හිතට ගෙනාවේ නොසතුට කි.

රාජපක්ෂලාට තුනෙන් දෙකක් ලබා දීමේ තිරෙන් පිටුපස කුමන්ත්‍රණයේ මහ මොලකරුවෝ වූයේ අකිලලා ය.

එහෙත් ඊට එරෙහි මහා පවුර සජිත් වග ඔවුන් දැන සිටිය හ.

ප්‍රෝඩාකාරී ආණ්ඩුව පෙරලා දැමීම වෙනුවට එය රැකගෙන ජාතික ආණ්ඩුවකට සහය දීම අකිලලාගේ එක් උපායක් විය.

පක්ෂයේ 

මහ ගස් කපා දැමූ කල ඉතිරිවන තුත්තිරිගස් වලට ලොකු තනතුරු දීම අනෙක් උපාය ය.

ඔවුන් විශ්වාස කළේ සජිත්ලා ආපසු හැරෙයි කියාය.

එහෙත් කෘත්‍යාධිකාරීය දුන් තීන්දුව ප්‍රකාරව සජිත්ලා ඉදිරියට ගියහ.

අකිලලා පක්ෂය කනත්ත හන්දියේ නතරකරන විට සජිත්ලා සන්ධානය ජනතා මාවතේ පෙරට ගෙන ගියහ.

දැන් කුමක් වේද?

සිදුවන්නේ එක් දෙයකි.ඉතිහාසයේ පළමු වතාවට එජාපය මැතිවරණ ප්‍රතිපලයෙන් ජවිපෙට වඩා පහළ බිහිනවාට සැක නැත.

තරගය ඇත්තේ පොහොට්ටුව සහ සමගි සන්ධානය අතර ය.

තෙවැනි තැන ගන්නට ජවිපෙ සහ එජාපය අතර සටනක් පවතිනු ඇත.එහෙත් ද්‍රවිඩ සංධානය වෙනම ඉල්ලුවොත් අර දෙකට තරගය තිබෙන්නේ 4 වෙනියා වීමටය.

අකිල,වජිර,රවී,රුවන්,රනිල් පක්ෂය එතැනට දක්වා හමාරය.

මේ ලජ්ජාවෙන් බේරෙන්නට දැන් රනිල් ලා ද්‍රවිඩ සංධානයේ සහය සොයන බව අපට ආරංචිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here