එජාපය වනසන තුන් බෑ ජටිලයෝ

0
218

එජාපය වනසන තුන් බෑ ජටිලයෝ

එජාපය මහින්දගේ රැස්වීමට යාම සහ නොයාම අතර දෝලනය අන්තිමට පුපුරා ගියේ නොයන තීරණය ගෙනය.

ඒ තීන්දුව ගැන  රංගේ බණ්ඩාර සිය ෆේස්බුක් ගිනුමේ දමා තිබූ සටහන තුල වූයේ ‘අර්ථවත් කතිකාවතකින් පසුව අරුත්සුන් සාදයට නොයන්න’ තීන්දු කළ බවය.ඒ කියන්නේ ඊට කලින් දවසේ අගමැති හමුවට යන බව අකිල කීවේ සාදය අරුත් සුන් බව නොදැන ද?.

බබිත් සිං,බබීගෙ අම්මිත් සුන් වී කිච වුනාට පස්සේ කතිකාවක් තියා නොයන්න තීරණය කළ බව රංගේ යට ඇදුම උඩින් ඇදගෙන කියා සිටී. 

එහෙත් සත්‍යවශයෙන්ම වූයේ කුමක්ද?.

එජාප මහලේකම් අකිල විරාජ් කල් තියාම කීවේ ‘ඒ ආරාධනයට නොයන්න හේතුවක් නැති’ බවය.ඒ නිසා යනවා කියා ඔහු කීවේය.

එහෙත් සජිත්ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ඊට නොයන්න තීන්දු කිරීමත් සමග එජාපය හතරගාතේ වැටුණි .

අනෙක් විශේෂ කාරණය වූයේ ඊට සහභාගිවන එජාප පිරිස තුනක් පමණක් වීමය.

ඩීල්කාරයෝ තුන්දෙනා

රනිල්,රවි,අකිල ඒ තිදෙනාය.

මෙයින් කෝපාවිෂ්ඨ වූ අය අර නවින්,රංගේ,දයා වැන්නන් වූහ.

‘ඔයාලා තුන්දෙනාද දැන් තීන්දු තීරණ ගන්නෙ?.අඩු තරමේ මම හිටපු ජාතික සංවිධායක.අපිටවත් නොකියා,අපිවත් හලලා මේ යන ගමන මොකක්ද?.අවුරුදු කීයක් මම මේ පපක්ෂෙට වියදම් කරනවද?’කියා දයා ගමගේ දෝෂාරෝපණය කොට තිබේ.

රංගෙත් පරළවෙයි

‘කට තිබ්බ පලියට වොයිස්කට් දීලා ඔබතුමා කොහොමද කීවේ අපි මහින්දගේ රැස්වීමට යනවා කියලා.නිකමට අපෙනුත් ඇහුවද?’

රංගේ පවසා තිබේ. 

‘මගේ බෑනා සජිත්ලා ගාව.එහෙම වෙලත් මම මෙතන.එහෙව් අපිව කපලද මේ ගමන යන්නේ?’

රංගේ තවදුරටත් පවසා තිබේ.

නවින්ට ඊටත් වඩා කියන්න කතාවක් තිබුණි.

නවින්ගෙන් රනිල්ට කිස්කන උත්තර

‘දයා හිටපු ජාතික සංවිධායක.මම ඉන්න ජාතික සංවිධායක.හැබැයි තීන්දු තීරණ ගන්න තැන්වල මාව නෑ.මමත් පැරෂුට් කාරයෙක් නෙවේ,මගෙ අප්පච්චි මැරුණේ මේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදිහට.අනික මගෙ මල්ලී නුවර දෙවෙනියා.ලක්ෂය පැනලා මනාප ගත්තා.එයා ඉන්නේ සජිත් ගාව.

ඒ විතරක් නෙවේ ඔබතුමාට අගමැතිකම එදා ආපහු ලැබුණේ කතානායකතුමා නිසා.එතුමා ජාතික වීරයෙක්.ඒත් එතුමට ජාතික ලයිස්තුව පවා අහිමි කළා .  මේ  පක්ෂයට මාව ගේන්න මුල් වුනේ සජිත්.එහෙම වෙලත් මම මෙතන.ඒත් ඔබතුමන්ලා තීන්දු තීරණ ගන්නේ හොරෙන්.ෆේවරිට්ස්ලා එක්කයි ඔබතුමා වැඩ කරන්නෙ.’

නවින් පවසා තිබේ.

‘මේ රැස්වීමට යනවනම් සේරම යමු.කොටසක් හලනවානම් නොයමු”                                                                                                නවින් කීවේය. යන විදිහට  විට තත්ත්වය බැරෑරුම් බව තේරුම්ගත් රනිල් අකිලට කතා කළේය.

‘ යන්නේ නෑ කියලා ස්ටේට්මන්ට් එකක් දාන්න’

රනිල් අකිලට කියා තිබේ.

එහෙත් අකිල ඊට එකහෙලා විරුද්ධ වී ඇත.

කෝ සජිත්ගේ පහළව

“ඊයෙ යනවා කියලා අද යන්නෑ කියන්න මට පිස්සුද ?

අකිල අසා තිබේ.

‘සජිත්ගෙන් 15ක් එනවා කීවේ කොහොමද?.කෝ ඒ අය.?     

රංගේ ඇසූ විට නවින්,රවි,අකිල මූණෙන් මූණ බලාගෙන ඇත.

‘රෙදි කඩාගෙන හෙළුව පේනකොට ඉටිරෙදි අල්ලන්න එපා සර්.’

රංගේ කියා තිබේ.

අවසානයේදී මහින්දගේ හමුවට නොයන බව කියා එජාපය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. 

සිරිකොත ගිනිකෙලි

එහෙත් සිරිකොත ගිනිකෙලි ආරම්භ වූයේ එයින් පසුව ය.

අකිල සහ රවී මේ මොහොතේ නවින්ලාට එරෙහිව මෙහෙයුම ආරම්භ කොට තිබේ.

හොද හොද සෙල්ලම් ඉස්සරහට ය.

Gossip web

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here