හාමුලාගේ ඩීල්

0
46

හාමුලාගේ ඩීල්

යහපාලන ආණ්ඩුවේ අගමැති විදිහට හිටපු රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවේ මහබැංකුව මහ දවල් කැඩුවා කියා චෝදනා කරමින්ය. එදා ඒ් විශ්වාසභංගය පරාජය කරලා තමන්ගේ පුටුව රැකගන්න රනිල් උදව් ඉල්ලුවේ මහින්දගෙන් ය.අන්තිමට මහින්ද රනිල්ට යුතුකම ඉටුකළේ අගමැතිකම තව ටික දවසක් රැකගන්න කියලා ය.කොටින්ම එදා මහින්ද තමන්ගෙම මන්ත්‍රීවරු රනිල්ට එරෙහිව ගෙනා විශ්වාසභංගය දිනවාගන්න පාර්ලිමේන්තු ආවේ නැත. ඒ් තියා නාමල් ආවේත් නැත.චමල් ආවේත් නැත.ඒ්වාට කියන්නේ ‘හාමුලාගේ ඩීල්’ කියලාය.

මහා අපරධයක් කොට මුදල් චෙක්පත් ගනිමින්.

විශ්වාසභංගය මහින්දලාගේ හයියෙන් පරාජය කළ රනිල් පහුවදා රටපුරා පෝස්ටරයක් ගැහුවේය.
ඒ්,‘බයනැති අගමැති’ කියලාය.
ඒ්ක දැකපු පොඩිකොල්ලෝ කුරුට්ටෝ පවා දෙකොනින් හිනාවූහ.ඒ් පෝස්ටරය හරියට ‘දණගැස්සූ ආර්ථිකය හරිගැස්සූ රවී’ කියා මහබැංකුව කඩපු රවීම ගැසූ පෝස්ටරේ වගේමය.රනිල් කියන්නේ වරක් තම මාමාගේ කැලනි ආසනයෙන් ඡන්දය ඉල්ලා බියගමට ගොස් ඊට පස්සේ කරූට බිය වී කොළඹ මැද කොළඹට පැන ඡන්දය ඉල්ලූ අයෙකි. ඒ් විතරක් නොවේ, 2010ත්, 2015ත් පොදු අපේක්ෂකයෙකු ණයට ගෙන ඊට මුවා වී හැංගුන අයෙකි.
රනිල් පරාජය නලලේ විතරක් නොව සර්වාංගයේම කොටාගෙන ආ අයෙකි.
‘ මම ජනාධිපති අගමැති වෙලා ඉන්නවට වඩා විපක්ෂ නායක වෙලා ඉන්න ආසයි’
සමහරවිට ඒ්ක රනිල්ගේ තේමාව වෙන්නට ඇත.ඔහු බැණුම් ඇසීමටත්,ඒ්වා අසමින් විපක්ෂයේ සිටීමටත් ප්‍රිය පුද්ගලයෙකි. ස්වපීඩා කාමුකත්වය ( #Sexual_masochism )නැමති විකෘති ලිංගිකත්වය ප්‍රිය කරන ඇතැමුන් ලොව සිටී.එය අසනීපයකි.රනිල් ද බැණුම් ඇසීම,පරාජය විඳීම යන තත්ත්වයන්ට අසීමිතව ඇබ්බැහි වූ චරිතයක් ය.එය ඔහු ඉතා ප්‍රියකරන ‘අසනීපයකි’.
තරඟයක් ජය සහ පරාජය වීම ස්වභාවිකය.එහෙත් පරාජය වීම ඒ්කායන සිහිනය කරගෙන තරඟ කරන්නේනම් ඒ් විකෘති මානසිකත්වය කි.

රනිල් සිය ජීවිත කාලයේ වැඩියෙන්ම දුක් විඳින්නට ඇත්තේ 2000 ජය ගැනීම සහ 2015 ජය ගැනීම නිසාය.ඒ් ජයග්‍රහණ රනිල් අකමැති ඒ්වාය.කොටින්ම ඔහුට අවශ්‍ය දින්නන්ට නොව,පරදින්නට ය.තම පරාජය නැතමි සිහිනය පිටුපස දුවන්නට රනිල් මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය සෝදලාම ඇරියේ ය.දශක තුනක් ඔහු පරාජය වැල් මී කැබැල්ලක් සේ සලකා අනුභව කරමින් සිටියි. රනිල් 94න් පසු හැමදාම තරඟ කළේත්,ඔහුට දිනන්නට උවමනා වූයේත් එක් දෙයකින් පමණි.
ඒ් පක්ෂ නායකත්වයෙනි.
‘අපි පක්ෂය දිනවමු’ කියා කියන කෙනෙක් සිටියොත් රනිල්ට ඔහු අපුල චරිතයකි.පක්ෂය දිනවන්න පාරට බැස්ස ගාමිණී අතුකෝරලා එකල රනිල්ට පෙනුනේ තමන්ගේ එකම කැමැත්ත වන ‘පරාජය’ නැති කරන්නට ආ යක්ෂයින් ලෙසට ය.අන්තිමට රනිල් 100ට වැඩි මන්ත්‍රීවරුද,ලක්ෂ හතලිහකට ආසන්න ජනතාවද පක්ෂයෙන් ඉවත්වෙනවා දැක පුදුමාකාර සතුටක් ලැබුවේය.තමන්ගේ මන්ත්‍රීවරුද තමන්ගේ පාක්ෂිකයින්ද තමන්ගෙන් ඉවත් වෙනවා දකින එක තරම් සතුටක් රනිල්ට තවත් නැත.එවැනි මානසික ව්‍යාධියක් සහිත වෙනත් කිසිවෙක් ලොව නැත.එහෙයින් රනිල් සුවිශේෂ ය.

සටන් විරාම ගිවිසුම

රනිල්ට පක්ෂ ව්‍යවස්ථාව යනු කපකපා ලියමින් තමන්ගේ වාසියට සකස්කරගත හැකි ලියවිල්ල කි.ඔහු ඒය ලියා ඇත්තේ පැන්සලකිනි.ඒ් පැන්සලත්,ඒ් මකනයත්,ඒ් පොතත් ඇත්තේ ඔහුගේ ලාච්චුවේය.රනිල් තරම් ප්‍රජාතන්ත්‍රවාදය නැමැති වචනයට වසන් වී ඒ් වචනය දූෂණය කරන වෙනත් කිසිවෙක් ලොව නැත.

ව්‍යවස්ථාවක් ප්‍රජාතන්ත්‍රවාදී විය යුත්තේ කොහොමද කියා දැකගන්නට සමඟ ජනබලවේගයේ ව්‍යවස්ථාව කියවිය යුතුය.එය අසාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ වලින් යුක්ත වන අතර එම ව්‍යවස්ථාව හරහා මෙරට ඒ්කාධිපති බ්‍රශ්ඨයින්ට කිස්කන පිළිතුරක් දී තිබේ.‍

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයා යාවජීව මට්ටමකට පත් කර ඇති අතර කිසිදු අයුරකින් ඔහු ඉවත් කිරීම හෝ ඉවත් වීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන අඩංගු නොවන බව රටම දන්නා කරුණකි. ඒ හේතුව මතම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කෙබදුද යන්න පෙනේ.
රනිල්ට දශක ගානක දේශපාලන අත්දැකීම් ඇත.එහෙත් ඔහු ‘මේවර ඉබ්බෙක්’ මෙනි.කන්නංගර මහා කාලයක් දේශපාලනය කර නැත.එහෙත් ඔහු ඉතා කෙටි දේශපාලන දිවියේදී මෙරටට ‘නිදහස් අධ්‍යාපනය’දායාද කලේය.පරිණතකම් ගැන පුරසාරම් නොදෙඩූ කන්නංගරයන් නිසා මෙරට මතුමතුත් පරම්පරාවල් නිදහස් අධ්‍යාපන වරම් ලැබීය.රනිල් තරම් කාලයක් දේශපාලනය නොකළ ගාමිණී දිසානායක මෙරට මහා වාරි විශ්මය වෙච්ච මහවැලිය නිම කළේය.වසර පහක් පමණක් පක්ෂයේ නායකයා ලෙස සිටි ආර්.ප්‍රේමදාස නිවාස විප්ලවය,ජනසවිය,ඇතුලු විශ්මයජනක වැඩ කොටසක් කළේය.පක්ෂ නායකත්වය හෝ නොලද ලලිත් ඇතුලත්මුදලි මහපොළ කළේය.රනිල් පුරසාරම් කියන්නේ මොනවා ගැනද?ඔහු දශක තුනකට ඒහා පක්ෂ නායකයාය.ඔහු ඒ් පක්ෂය හතරවෙනි තැනට දක්කාගෙන ගියේය. තවත් මොන පුරසාරම්ද?

 

සජිත් ප්‍රේමදාස රනිල්ට වඩා විසිවරරකට පමණ ලාබාල ය.හැබැයි ලෝකයේ වියපත් නායකයින් සිටියදීත් තරුණ නායකයින් රටවල් ගොඩනගා තිබේ. සෙබස්තියන් කර්ස් ඕස්ට්‍රියාවේ චාන්සලර් වයස 31යි. නවසීලන්තයේ අගමැති ජැසින්ඩා ආර්ඩන්.වයස තිස් හතයි.ප්‍රංශයෙ අගමැති එම්මානුවෙල් මැක්රෝන්.තිස් පහයි.අයර්ලන්ත අගමැති ලියෝ වරද්කාර්.වයස තිස් අටයි.යුක්රේනයේ අගමැතිවරයා ව්ලොද්මිර් ග්‍රොයිස්මාන්.තිස් නවයයි.මැසිඩෝනියාවේ අගමැති එමිල් ඩිමිට්‍රියේව්.තිස් අටයි.හමාඩ් අල්තානි කටාර් රාජ්‍යයේ එමීර්ව.හතලිහයි.
පරිණතකම මනින්නේ වයසින්නම්, කළ යුත්තේ වසර තුන්සියයක් පමණ ජීවත්වන ‘මේවර ඉබ්බෙක්’සොයා ගෙනැවිත් රට භාර දීමයි.
නමුත් පරිණතකම යනු අභියෝග අබියස පසු නොබැස පෙරට ඒ්මයි. රාජ්‍යතාන්ත්‍රිකත්වය සහිත දක්ෂතාවය යි.
ඔහු ඉතා කෙටි කලක් තුළ තුනෙන් දෙකේ ආණ්ඩුවක් රටේ කුජීත කරදමා අවසන් ය.බලසම්පන්න ජනාධිපතිවරයෙක් අසමත් බව සමාජගතකොට අවසන්ය.
රනිල්ගෙයි සජිත්ගෙයි වෙනස!
රනිල් 94 විපක්ෂයට ආවේ ආසන 91ක් තියාගෙනය.හැබැයි 2015 වෙනකම් රනිල්ට ආණ්ඩුව හොල්ලන්න බැරිවිය. ඒත් තනි ආසනයක් වැඩියෙන් ගෙන චන්ද්‍රිකා අවුරුදු 8ක් තමන්ගේ ආණ්ඩුව නිදහසේ ඇදගෙන ආවාය.එතැන් සිට මහින්ද බැට්ල් එක අරගෙන නිදහසේ පෙරට ආවේය.ඒ්කට හේතුව වෙන මොකවත් නොව,තමාගේ සුවච කීකරු හාමු විපක්ෂ නායකයා ලෙස සිටින එකය.
ඒ් මදිවට මහින්දගේ මදි පාඩුවට රනිල් තමන්ගේ මන්ත්‍රීවරු තොග පිටින්ම මහින්දගේ සැලුන් දොරින් එහෙට යැවුවේය.තමන්ට හෝ තම කල්ලියට නිදහසේ විපක්ෂයට වී ඉන්නට නොදෙන සහ ආණ්ඩුව පෙරලමු කියන කැරලිකාර,ජනතාවාදී මන්ත්‍රිවරු රනිල්ට පේන්න බැරිය.ඒ් නිසා රනිල් 116ට වැඩි මන්ත්‍රීවරු පිරිසක් මහින්ද ගාවට යවා තිබේ.
සජිත් ට ආණ්ඩුව එක්ක ඩීල් නැත.ඔහු ආණ්ඩුවට ගහන්නේ කොන්දේසි නැතිවය.ඒ් විතරක් නොවේ,ආණ්ඩුවට රිදෙන්න ගහන තම මන්ත්‍රීවරුන්ට සජිත් ‘ෂටප්’ කියන්නේ නැත.ඔහු කියන්නේ ‘ බය නැතිව ගහන්න’ කියලා ය.‍ඒ්ක සමගියේ හැමෝම දන්නවා ය.

අභියෝග අබියස රනිල්-සජිත්!
රනිල් සිය මාමාගේ තෑග්ගක් ලෙස ලැබුණු ගම්පහ කැලනයෙන් තරඟ කොට පාර්ලිමේන්තු ආවේය.හැබැයි ඊළඟ මැතිවරණයෙන් ඔහු බියගමට මාරුවිය.ඊට පසු ඔහු කොළඹට ආවේය.ප්‍රේමදාස බලකොටව වූ මැදකොළඹට ඔහු මාරුවුණේ ‘පිටිය’ වාසිදායක නිසාය.එහෙව් රනිල් ගියවර ගත්තේ ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරයෙකුවත් නොගත් මනාප ගානකි.හැමදාමත් රනිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ව නොසලකා හැරියේය.’වැඩක් නැති අය’ලෙස ඔහු ප්‍රාදේශීය සභා නියෝජිතයින්ව තුන්වෙනි පන්තියට දැම්මේය.දෛවයේ සරදම වන්නේ සෝදාපාලුවී ගිය ඒජාපය අද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවුන්ගේ පහනින් එළිය බලන්නට යාමය.

රනිල්ට සාපේක්ෂව සජිත් අභියෝගයන්ට මුහුණ දෙන්නට සූදානම්ය. ඒ අභියෝග ජය ගන්නට ද සමත්ය . එවන් සජිත් කැමති වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩාත්ම ශක්තිමත් ප්‍රදේශයක් වන හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් දේශපාලනයේ නියැලීමට‍ය.
බොහෝ දෙනා සරු බිම් සොයද්දී සජිත් එසේ නොකර දුෂ්කර ඉසවුවකට සේන්දු වුණි.

එතැන් සිට ඔහු බිම් මට්ටමේ දේශපාලනයේ නිරත වුණි.
දුගී දුප්පත් ජනතාවගේ අහිංසක සිහිනවල බර ඔහු හොඳින්ම දැන ගත් අතර හම්බන්තොට දුෂ්කර ජීවිත වලට දියවෙමින් ඔහු බොහෝ අත්දැකීම් ලැබිය .
ඔහු සිය පළමු මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ 2000 මහ මැතිවරණයේදී ය.

රාජපක්ෂ පරම්පරාවක බල කඳවුරක් වූ හම්බන්තොටින් සජිත් තම අසුන ජයගනු ලැබීය .
එය වඩාත් සුවිශේෂ වන්නේ පසුව මෙරට දෙවරක්ම ජනාධිපති වූ මහින්ද රාජපක්ෂව පිට පිටම දෙවරක් පරාජය කිරීමට සජිත් සමත් වීමෙනි.
ඔහු වමට සහ ශ්‍රීලනිපයට බර හම්බන්තොට එජාපයට දිනවා දුන්නා පමණක් නොව මනාප 98968ක් ලබා ගත්තේ ය . එවර මහින්ද රාජපක්ෂ ගත්තේ මනාප 88726ක් පමණයි.
2001 මහ මැතිවරණයේදී ද සජිත්ගේ නායකත්වයෙන් එජාපය හම්බන්තොට ජය ගත්තේ ය . එහිදී ද සජිත් ප්‍රේමදාස මනාප 92536ක් ලබාගත් අතර මහින්ද රාජපක්ෂ ලබාගත්තේ මනාප 81855යි.
ඒ වනවිටත් තරුණ සජිත්, අභියෝග ජයගන්නා ස්වරූපය රටට පෙන්වා දී තිබුණි .

යම් හෙයකින් ඒ මැතිවරණ දෙක සරළ බහුතර ක්‍රමයෙන් පැවතියා නම් සජිත් යටතේ මහින්ද රාජපක්ෂ,චමල් රාජපක්ෂ යන ප්‍රභලයින් ගෙදරය.

අමාත්‍යවරයකු වශයෙන් නිවාස හැට පන්දහසක් ගොඩ නංවමින් සහ ගම්මාන 2500ක ජීවත්වන දස දහසක් පමණ වන පහළ ආදායම් ලාභී පවුල්වලට බලාපොරොත්තු ගොඩනංවා ඔවුන්ගේ නිවාස සිහිනය විසඳීමට අතිසාර්ථක ලෙස කටයුතු කරනු ලැබීය .
විසිහතර පැයේ නොනිදන අමාත්‍යාංශයක් බවට සිය අමාත්‍යාංශන නොනිල ලෙස නම් කළ සජිත් ඉන්දිය අගමැති නරේන්දු සිං මෝධි පවා විශ්මයට පත්වන නිවාස විප්ලවයක් සිදු කළේය.
‘ඒ වුනාට සජිත් ගෝටට පැරදුනා නේ’
සමහරු එහෙම කියයි .හැබැයි ඒ අයට මහින්දගේ පරාජය මතක නැත.සජිත් පැරදුනේ ඇමතිකෙනෙක් ලෙස ඇවිත් ය.හැබැයි මහින්ද පැරදුනේ ජනාධිපති කෙනෙක් ලෙස ඇවිත් ය.
එහෙම බැලුවොත් සජිත් පැරදුනු කෙනෙක් කියන අය දේශපාලන ලදරුවෝය.

2024 කවුද එන්නේ කියා සමහරු විමසයි.ආණ්ඩුවෙන් එන්නේ කවුද කියා ප්‍රශ්නයක් තියෙන්නට පුලුවන.මොකද එහි පවුලේ සාමාජිකයින්ම රැසකි.
එහෙත් විපක්ෂයෙන් එන්නට වෙන කෙනෙක් නැත.ඒ් සජිත් පමණි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here