මේ රට හදන්න පුලුවන් ඔබටයි. රොනි ද මැල් සජිත්ට කියයි.

0
313

 

මෙරට බිහිවූ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ රොනී ද මෙල් මහතාගේ 96වන ජන්ම දිනය අදට යෙදී තිබුණි. එතුමාට දීර්ඝායුෂ පතන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පෙරවරුවේ රොනීද මැල් මහතාගේ නිවස වෙත පැමිණියේය.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී  සිය අදහස් ඉදිරිපත් කළ රොනී ද මැල් මහතා විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව සිය දැඩි ප්‍රසාදය පළ කළේය. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කලාපයත් ආණ්ඩුවේ ක්‍රියාකලාපයත් පිලිබදව සිය අප්‍රසාදය පලකළ ඒ මහතා වර්තමානයේ පවතින තත්වය ඉතා කනගාටුදායක බවද කීය.

ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම උදෙසා සමගි ජනබලවේගය නිර්මාණය කිරීම පිළිබඳව සිය සතුට පලකල රොනීද මෙල් මහතා එය මෙරට සමස්ත ජනතාව ආදරයෙන් වැළදගනු ඇති බවට තමන් දැඩිව විශ්වාස කරන බවද කීය.

සජිත් ප්‍රේමදාස මහතා සමග පැය එකහමාරකට වැඩි කාලයක් ඉතා සුහදශීලී කතාබහක යෙදුනු ඒ මහතා

අනාගතයේදී මේ රට නිවැරදි දිශානතියකට රැගෙන යාමට හැකියාව ඇති එකම පුද්ගලයා වන්නේ ද වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව අවධාරණය කළේය. සාකච්ඡාව අතරතුර කිහිපවරක්ම හෙතෙම සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසංසා මුඛයෙන් කතා කළේය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාද එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here