මගෙත් එක්ක හිටියනම් රවීට ඔහොම වෙන්නේ නෑ. රනිල් රවීගේ බිරිඳට කියයි

0
109

මගෙත් එක්ක හිටියනම් රවීට ඔහොම වෙන්නේ නෑ. රනිල් රවීගේ බිරිඳට කියයි.

ඊයේ දිනයේදි(17) හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ලද අධිකරණ නියෝගයෙන් පසුව එ මහතාගේ බිරිද වන මේලා කරුණාරත්න මහත්මිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

එහිදි මේලා කරුණාරත්න මහත්මිය පැවසු දේ සාවධානව ආසාගෙන සිටි රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ රවී මගෙත් එක්ක හිටියනම් එයාට හිරේ යන්න වෙන්නේ නෑ. එහෙනම් මම එයාව බේරගන්නවා.නමුත් එයත් අන්තිමට මාව දාලා කරු ජයසූරිය ලගට ගියානේ යනුවෙනි.

නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කොට දුරකථනය විසන්ධි කල බවද වාර්තා වේ.

ඉකුත් මහ මැතිවරණයෙන් UNPය ලද අන්ත පරාජයෙන් පසුව රවී කරුණානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කොට එක්සත් ජාතික පක්ෂයේ තවත් කල්ලියක් වූ කරූ ජයසූරිය, නවීන් දිසානායක, මර්වින් සිල්වා සහ අර්ජුන රණතුංග යන කල්ලියට එකතු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here