උතුරු කොරියානු නායකයා මියගියා ද?

0
214

උතුරු කොරියාවේ උත්තරීතර නායකයා වන කිම් ජොන් උන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් අප්‍රේල් 25 සෙනසුරාදා දින රාත්‍රීයේ ඔහු මියගොස් ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

තවත් විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණේ හෘද ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු ඔහුගේ සිහි පැමිණිය ද ඒ පිළිබඳ සළකුණු නොපෙන්වන බවයි (Vegetative State).

කෙසේ වෙතත් උතුරු කොරියාව විසින් තම උත්තරීතර නායකයා මියගිය බවට මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

1984 වර්ෂයේ උපත ලබා ඇති කිම් ජොන් උන් තම පියාවන උතුරු කොරියාවේ සදාකාලික නායකයා ලෙස සැලකෙන කිම් ජොන් ඉල්ගේ අභාවයෙන් පසු 2011 වර්ෂයේ දෙසැම්බර් මස උතුරු කොරියාවේ නායකත්වයට පත්වුණා.

කෙසේ වෙතත් කිම් ජොන්ග් උන් මියගොස් ඇත්නම්, ඔහුගෙන් පසු නායකත්වයට පත්වනු ඇතැයි සැලකෙන්නේ ඔහුගේ සහෝදරිය වන කිම් යො ජොන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here