එජාපය මරා ගනී

0
283

මුලින් මහින්දගේ හමුවට යන බව කී එජාපය හදිසියේම ඒ තීරණය වෙනස් කොට තිබේ.ඒ අනුව ඔවුන් ඊට සහභාගී නොවන බව පවසයි.

මේ තීන්දුවත් සමග එජාප අභ්‍යන්තර අර්බුදය දෙදරා යන තැනට කටයුතු යෙදී තිබේ.

යන්න බල කළේ රවි අකිල

මහින්දගේ රැස්වීම සදහා යා යුතුම බවට රනිල්ට බලකොට ඇත්තෙ අකිල සහ රවීය. ඊට හේතු වූයේ මීට පෙර විපක්ෂ ඒකාබද්ධව ජනාධිපතිට ලියූ ලිපියට රනිල් අත්සන් කිරීම පිළිබඳව අකිල රවී දෙදෙනාගේ විරෝධය සහ ඊට එකට් එක කිරීමක් ලෙස මේ හමුවට යමු කියා ඒ දෙදෙනා තීන්දු කිරීම ය.

ඒකාබද්ධ ලිපියට රනිල් අත්සන් කිරීම ආරංචි වූ අකිල සහ රවි රනිල්ට කර්කෂ දෝශාරෝපන නංවා තිබේ.

හැමෝම පක්ෂය දමා යද්දී තමන් නොගියේ නිකං නොවන බවත්,පක්ෂයේ තීන්දු තීරණ ගැනීමේ බලය තමාට උවමනා බවත් රවි පවසා තිබේ.

නවින් හැලුව හැටි

කවදාවත් නැති පරිදි අකිලද රවීගේ පැත්ත ගෙන තිබේ.

‘අපි නොගියොත් සජිත්ලගේ නොයෑම අනුමත කළා වෙනවා.අපි යමු’

අකිල කියා ඇත.

“එහෙනම් නවින්ලටත් කියන්න ‘

රනිල් එසේ පවසා ඇති අතර ඊට දෙදෙනා එක පයින් විරුද්ධ වී ඇත.

‘එයා ෂුවර් නෑ.අනික නවින් කවුද?.මතකනේ ගෲප් මීටිමේදී ඔබතුමාට බණිනවා වීඩියෝ කරලා මීඩියා වලට දුන්නා.එයා සයිකො ඩයල් එකක්.අනික මතක තියාගන්න එයා ගාමිණීගේ පුතා.ඔයා එයාව අප් කරන්නේ එයා ගැන නොදැන’

රවි පවසා තිබේ.

නවින් පක්ෂයේ මතුවෙයි කියන භීතිය අකිල ,රවී දෙදෙනා තුලම තිබේ.

ඒ අනුව ඊයේ ඔවුන් තිදෙනා තීන්දු කළෙ සදුදා එජාපය වෙනුවෙන් ඔවුන් තිදෙන සහභාගී වන්නටය.

සජිත්ලගෙ ලියුම නිසා රනිල්ලා ගැස්සෙයි

මේ අතර සමගි ජන බලවේගය අගමැතිවරයාට කිස්කන පිළිතුරක් යවමින් හමුවට නොයන බව පැවසීමත් සමග එජාපය අන්දුන්කුන්දුන් වී ගියේය.

සජිත්ලාගේ තීන්දුව අනුගමනය කරමින් ජවිපෙ ද ඊට නොයන බව කීය.

රනිල්ට දෙලොව රත්වූයේ එවිට ය .ඔහු දුරකතන වසා දමා සිය කාමරයට වී සිට ඇති අතර නැවත පැමිණ ඇත්තේ පැය  ගානකිනි.

‘මේ ගමන ගියොත් අපි ඉවරෙටම ඉවරයි.මතක තියාගන්න අපි දැන් 5ට වැටිලා ඉන්නෙ.හෙට ගියොත් අපි පාර්ලිමේන්තු ගියපු අන්තිම වතාව මේක’

රනිල් කී විට අකිල් රවි මූණෙන් මූණ බලාගෙන ඇත.

අකිල මීඩියා වලට මූණ දෙන්න  බෑ කියයි

‘මම ඊයේ කීවා යනවා කියලා.අද කොහොමද යන්නේ නෑ කියන්නේ ?’අකිල අසා තිබෙ.

‘පොලිටික්ස් කියන්නේ ඒකට.අනික මොකටද ඔයා කලින්ම මීඩියා වලට කීවෙ?’

රනිල් අසා තිබේ.

‘අපි ගියොත් අපි ගාව ඉන්න ගාන පේනවා.උපරිම 15ක් ඉදී.ඒ අයගෙනුත් රට දන්න අය කීයද ඉන්නෙ?’

‘දයාලා එහෙම ඉන්නවා මීඩියා දැක්ක්කම ඒක අපේ ඉමේජ් එකටත් හරි නෑ’

එසේ කීවේ රවීය.

එය අසා රනිල් ඇස් කුඩාකොට බලා අකිලට සිනාසී ඇත.

‘කෝ සජිත්ගෙන් එනවා කීව අය

“අනික ඔයාලා ලොකුවට ප්ලාන්ට් කළානේ සජිත්ගේ 15කුත් එනවා කියලා.මම රුවන්ට්ටටත් කියන්නයි ඉන්නේ මෝඩ වැඩ වලට පත්තරේ ඉඩ දෙන්න එපා කියලා’

රනිල් කියා ඇත.

අවසානයේදී සමගි ජන බලවේගය ගත් තීන්දුවම එජාපයටත් ගන්න සිදු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here