ජනසුවය දෙවැනි අදියරෙන් ලක්ෂ තිස් දෙකක රෝහල් උපකරණ පරිත්‍යාගයක්.

0
265

කොරෝනා උවදුරින් ව්‍යසනයට පත් රට, සුවපත් කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද  සමාජ සත්කාර වැඩසටහනෙහි දෙවැනි පියවර ලෙස ලක්ෂ 32ක් වටිනා (Multi para monitor 4ක්) අත්‍යාවශ්‍ය  රෝහල් උපකරණ කට්ටලයක්  හෝමාගම මූලික රෝහල් අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතාවෙත අද (25) පරිත්‍යාග කරනු ලැබීය.

මේ හරහා රට පුරා කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට ජනතාවගේ සෞඛ්‍යමය සුරක්ෂිතභාවය ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

මීට පෙර මෙහි පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමක් සහිත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කට්ටලයක් (Syringe Pump 3ක්, Multi para monitor 2ක්)ඒ මහතාගේ මූලිකත්වයෙන් නැගෙනහිර කොළඹ මූලික (මුල්ලේරියාව) රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා වෙත ද පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය දේශපාලන වාසි සදහා ඇතැමුන් යොදා ගනිමින් සිටින බවත් මේ රටේ ජනතාවගේ නාමයෙන් තමන් ඉල්ලා සිටින්නේ කුමන්ත්‍රණ,සහ යටිකූට්ටුකම්වලින් මිදී ජනතාව උදෙසා කැපවෙන ලෙස බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here