පිල් මාරුවකට ඩීල් දාන්න අභයාරාමයට ගිය රවීට කුණු බැණුම්

0
121

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද දින(11) උදෑසන නාරාහේන්පිට අභයාරාමය විහාරස්ථානයට හදිස්සියේම ගොස් එහි නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ව බැහැ දැක ඇති බවට තොරතුරු වාර්තා වේ.

එහිදි රවී කරුණානායක මහතා විසින් තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට(පොහොට්ටුවට) එකතු වී රාජපක්ෂවරුන් සමග සම්බන්ධවී දේශපාලනය කිරීමට කලට සිට බලාපොරොත්තුවෙන් සිටින බවත් එ බව මහින්ද රාජපක්ෂ සහා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් දන්නා බවත් මුරුත්තෙට්ටුවේ හිමියන් සමග පවසා ඇත.

වැඩි දුරටත් අදහස් දැක්වු රවී කරුණානායක මහතා පවසා ඇත්තේ තමන් පොහොට්ටුවට එක්වීමට හොදම කාලය මෙය බවත් එ සදහා අවශ්‍ය පසුබිම සැකසීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හට හැකි බවත්ය.

මෙම ඉල්ලීම සවනය වූ විගසම ඉතා කෝපයට පත් වූ මුරුත්තෙට්ටුවේ හිමියන් රවී කරුණානායක හට පවසා ඇත්තේ UNP ය ජනතාවට එපා වීමට මුල්වු පුද්ගලයන් අතරින් ‍රවී කරුණානායක වන තමුන් ප්‍රධාන අයෙකු වන බවත්, ඉතා විශාල වංචා දුෂණ චෝදනා ඇති තමුන් වැන්නෙකු වත්මන් ආණ්ඩුවට සම්බන්ධ වුවහොත් ආණ්ඩුව තව තවත් පිරිහීමට ලක්වනු ඇති බවත්, එබැවින් මෙවැනි ඉල්ලීම් නොකර වහාම විහාරස්ථානයෙන් පිටව යන ලෙසත්ය.

මෙබස් පැවසු මුරුත්තෙට්ටුවේ හිමියන්  තමන් හුන් අසුනින් නැගිට ගොස් ඇත.

මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ මෙම ගෝරනාඩුවෙන් පසුව කිසිවක් නොකියු රවී කරුණානායක මහතා ද ඉතා  ඉක්මනින් විහාරස්ථානයෙන් පිටව ගිය බවට තොරතුරු වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here