ආණ්ඩුව නටන සොකරියේ

0
205

‘සොත්තානා’ රනිල් ද?

‘මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය’ කියා කතාවක් තිබේ.නමුත් ලෝකෙම මළගෙයක් වී තිබියදී දේශපාලන සටකපටකම් සහ නොසන්ඩාලකම් කරන උන්ව දමන්නට ඉතිහාසයේ කුණුබක්කිය ප්‍රමාණවත් නැත.

කොරෝනා ව්‍යසනය නිසා මේ මොහොතේ රටම ඉන්නේ උන්හිටිතැන් අමතකව ය. එදා වේල තබා සතියකින් දෙකකින් හරිහමන් දෙයක් නොකෑ දහස් ගානක් මේ රටේ සිටී.

වෙල් අලකොල පුච්චා දරුවන්ට කන්න දුන් දෙමාපියන් මේ රටේ සිටී.අන්ත දිලින්දාගේ සිට යමක් කමක් තිබූ අය පවා සිටින්නේ කරකියා ගන්නට දෙයක් නැතිව ය.ආණ්ඩුව සහන බෙදිල්ලේ සිට සියල්ල දේශපාලන වාසියට ගෙන තම හෙංචයියන්ට පවරලා තිබේ.සියල්ල අමු දේශපාලනීකරණයකට ලක්කොට ආණ්ඩුව සොකරි නයමින් සිටී. වසර විසිහයක් තිස්සේ එජාපය වළ පල්ලට දක්කන නායකයා ආණ්ඩුව නටන සොකරියේ ‘සොත්තානා’බවට පත්ව සිටී.

ජනතාව අන්ත දුක් විදිනවිටත් තුනෙන් දෙක සොයා අඩයාලම් අල්ලන ආණ්ඩුව “මාර ෂෝක්’කියා ලෝකෙටම කීවේ රනිල් ය.එහෙවු රනිල් සිය අතිජාත අන්තේවාසිකයා වන ‘රොබරි කිං’හෙවත් රවි කරුණානායක සමග පොහොට්ටුව රකින මුර බල්ලන් වී සිටී.

ලෝකෙට හෙන ගැහුවත් මොකෝ

මේ බියකරු මොහොතේ බොහෝ ප්‍රගතිශීලී බලවේගය සිටින්නේ ජනතාව වෙනුවෙන් සටනකය.එහි පුරෝගාමී මෙහෙයුමේ සිටින්නේ ‘සමගි ජන බලවේගය’ ය.

ආණ්ඩුවේත් ආණ්ඩුව සමග රහසිගත මදුසමයක සිටින රනිල්-රවී දෙබෑයන්ගේත් සෘජු ප්‍රතිවාදියා සමගි ජනබලවේගය  ය.උන්ට උවමනා කුමන හෝ බේගලයක් ඔතා සමගි ජන බලවේගයට පහර දෙන්නටය.

ඇයි එච්චර තරහා?

සජිත්ට සහ සමගි ජන බලවේගයට රාජපක්ෂලා තරහ වන්නේ හේතු කිහිපයකට ය.

ඉතිහාසයේ පළමු වතාවට රාජපක්ෂ බලකොටුව කඩා රාජපක්ෂලා සමූල පරාජය කළේ කෝඩුකාර සජිත් ය.රාජ්‍ය මර්ධනයේ මුදා නොගත් ප්‍රදේශයක් වූ හම්බන්තොට රාජපක්ෂ කදවුර සමතලා කරන්නට සජිත් සමත් විය.

ප්‍රභූ දේශපාලනයේ  මැදමූලන සාධකය කරකවා අතෑරිය සජිත්ට රාජපක්ෂලා කොහොමත් අකමැතිය.

අනෙක රාජපක්ෂ රෙජිමයට එදිරිව සෘජුව සටන් කරන දිනන බලවේගය හැදුවේ සජිත් ය. ඒ සමගි ජන බලවේගය  ය.

ඒ නිසා සමගි ජන බලවේගයට දුටු තැන පහර දෙන්නටත්,ඊට පහර දෙන්නන්ට ‘වරදාන සහ වරප්‍රසාද දෙන්නටත් රාජපක්ෂලා එක පයින් ලෑස්තිය.

ඒ නිසා කිසිදු ලෝබකමකින් තොරව රනිල්ට රාජපක්ෂලාගේ මාධ්‍ය සහය ලැබේ.

පරම්පරාගත ඩීල්

රනිල් සහ රාජපක්ෂලා අතර ඩීල් එක දශක ගනනාවක් පරණය.පාක්ෂිකයන්ට කිසිදා නොසලකන රනිල් රාජපක්ෂලාට යහමින් සලකයි.යහපාලන ආණ්ඩුව නිර්වස්ත්‍ර කිරීමෙහි නියමුවන් රාජපක්ෂලා නොව රනිල්ලා ය.

කොරෝනා ව්‍යසනය තුට්ටුවකට මායිම් නොකළ රනිල් මේ ව්‍යසනය මැදත් ආතල් එකේ සිටී.

‘මේ වෙලාවේ ඔබතුමා මොනවද කරන්නේ?’

මීට සතියකට පෙර ඉන්දියාවේ මාධ්‍යවේදීනියක් රනිල්ගෙන් ඇසුවාය.

“මම හිංදි චිත්‍රපටි බැලුවා .තව හොද හිංදි චිත්‍රපටි තියෙනවානම් කියන්න”

රටේ මිනිස්සු දෙතුන්වේල නොකා නොබී දුක් විදිද්දී රනිල් නැමති ‘නීරෝ’ආතල් එකේ වීනා වයයි.

“රනිල්ට එක්වෙන්න සමගි ජන බලවේගයේ අය සාකච්ඡා”කියා බොරු ප්ලාන්ට්’කරමින් සිටින්නේ එහෙම රනිල් ගාවට යන්න තරම් මෝඩයින් සිටිනවා කියා හිතාගෙනය.

පාස්කු ප්‍රහාරයට වසරක් පිරෙනදා රනිල් ගැසූ තුරුම්පුව

ගිය වසරේ රටම හැඩවූ පාස්කු ප්‍රහාරයේ කප්පිත්තන් වූයේ රනිල්ලා ය.මේ වසරේ එහි විලිලජ්ජාව නිසා අඩු තරමේ පහනක් දල්වා ඒ දිනයෙ වේදනාව සමරන්නට මහා ලොකු ප්‍රජාතන්ත්‍ර්වාදියාට අමතක විය.ඒ වෙනුවට ඔහු කළේ ඊරිසියාවෙන් බේගල් ප්ලාන්ට් කිරීම ය.

ඊට රාජපක්ෂලාගෙන් ලැබුණු සන්තෝසම ඉදිරියේ දී හෙළිදරව් වනු ඇත.

රජගහේ නාඩගමේ රනිල් යනු රාජපක්ෂලාගේ උප අගමැතිය.

මාස තුනෙන් සාක්කු පුරවා ගැනීම

ජනතාවට සහන දෙන ලෙසත්,දේශපාලන පලිගැනීම් නිසා දශක ගානක් පීඩා විදි පාක්ෂිකයන්ට සාධාරණත්වය ඉටුකරන ලෙසත් එදා සජිත් ලා හඩ නගන විට රනිල්ලා කළේ ඒ ලිපිගොනු සිරිකොත කුණු කූඩෙට දැමීම ය.

මේවා පාක්ෂිකයන් දන්නවානම් රනිල්ට සාප කරනවාය. මාස තුනෙන් මහ බැංකුව හදපානේ බිද දැමූ ‘රොබරි කිං”ලා ජනතාවට ආණ්ඩුව අප්පිරිය කළේය.

මේ වනවිටත් වරෙන්තු පිට සිටින රවීලා දැන් පොහොට්ටුවේ ගජ මිතුරන් ය.

වරක් රවී ගැන ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්න්නෙත්ති දැවැන්ත හෙලිදරවුවක් කළේය.
‘මේ මනුස්සයා ගැන කතා කරලා වැඩක් නෑ. ගියපු ගියපු හැම අමාත්‍යාංශයම මේ මිනිහා කාලා ඉවරයි.දැන් ලෙකෝ එකෙන් සල්ලි ගන්න යනවා. මේවා රවීගේ අම්මගේ අප්පගේ බූදලයක්ද?මේ මනුස්සය හොරකම් කරන එකේ සීමාවක් නෑ. එක්කෝ කෝටි 500ක් දීල හරි මේ දූෂිතයව එලවන්න ඕන.’
මේ පිළිබඳව අපි උතුරු කොළඹ ජනතාවගෙන් අදහස් විමසීමු.

‘මහත්තෙයෝ මේ ආසනේ සුගතදාස මහත්තයා හිටපු ආසනේ.එහෙව් රත්තරන් මනුස්සයෙක් හිටපු ආසනේට දාල තීන්නේ පාරෙන් ගියොත් පලතුරු ගෙඩියක් හරි උස්සන පතරංග හොරෙක්.මේවට හෙන ගහන්න ඕන පක්ෂ නායකයොන්ට.

එහෙම කීවේ උතුරු කොළඹ ලොතරැයි වෙළෙන්දකි.
සම්මාදම් කරලා ගානක් හොයල දීල හරි මූ යවන්න ඕන
‘අර ගම්මංපිල ඡන්දේ ඉල්ලන්න සල්ලි නෑ කියලා මිනිස්සුන්ගේන් 100ගානේ එකතු කරානේ. අනේ මේ යකාටත් සම්මාදම් කරලා හරි ගානක් හොයලා දීලා දේශපාලනෙන් අයින් කරන්න.’
ඒ ත්‍රීරෝද රථ රියදුරෙකි.
වැඩිය එපා රවීගේ ගේ ඉස්සරහ ගෙදරින් අහන්න රවි හොඳද කියලා. හැබැයි ටිකක් ඈතින් ඉදලා අහන්න.නැත්නම් කනට ගහනවා ශුවර්. ඒ තරමට ඔය යකා පිළිලයක් ‘
ඔහු උතුරු කොළඹ තේ කඩයක් කරන විනෝල් සගරය.
‘ අර කියනවා වගේ මහත්තෙයෝ උතුරු කොළඹට සංවිධායකයෙක් නැතත් යූ එන් පිය දිනනවා. එහෙම තැනක ඉඳගෙන වෙන අය ගැන කතා කරනවා. පිස්සෙක් මහත්තෙයෝ.පිස්සෙක්.අනිික, ඉලෙක්ෂන් එක ආවම බලන්න .අපි සජිත් එක්ක.විනෝල් පවසයි .
රටක් ආදරය කළ එක්සත් ජාතික පක්ෂය අද වනවිට රනිල් කල්ලිය විසින් මහ පාරේ කෙළෙසමින් සිටී.සැබෑ පාක්ෂිකයන් දැන් රොද බැද සිටින්නේ සමගි ජන බලවේගය සමග ය. එජාපය රකින්නට හැකි බලවේගය ද සමගි ජන බලවේගය ය.


එය දන්නා පාක්ෂිකයන් සේම මහජන නියෝජිතයින් ද රනිල්-රවී නාඩගම දිහා බලාගෙන සිනාසෙන බව උන්නොදනී.
‘කකුලුවා නටන්නේ හැලියේ දිය රත්වන තුරුය”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here