අදටත් මහින්ද වෙනුවෙන් ගණිකා සේවයේ නියැලෙන රනිල් වික්‍රමසිංහ .

0
590

අදටත් මහින්ද වෙනුවෙන් ගණිකා සේවයේ නියැලෙන රනිල් වික්‍රමසිංහ .

පසුගිය සෙනසුරාදා(23) දින අරලිය ගහ මන්දිරයේදි විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත් විය. එ පකිස්තානු අගමැති ඉම්රාන් කාන් මහතාගේ මේරට සංචාරය හේතු කොටගෙනය.

එම භෝජන සංග්‍රහය මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට පමණක් සීමා වූවක් විය.

නමුත් එ සදහා අගමැති මහින්ද සිය අතිජාත ඩීල් දේශපාලන මිත්‍රයා වන රනිල් වික්‍රමසිංහට ද ආරාධනා කර තිබුණි.

එ අන් කිසිවක් සදහා නොව රනිල්ව වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලගින් වාඩි කරවා, ඔවුන් දෙදෙනාගේ ජායාරූප ගෙන එවා මාධ්‍ය වෙත මුදා හැරීමටය. එසේ කොට සජිත් ප්‍රේමදාස ඉදිරියේදි රනිල් සමග සංධාන ගත වන්නේය යන ව්‍යාජ පුවත සමාජ ගත කරවීමටය. ඊට අදාල සැකය සහ කුකුස ජනයා තුල ඇති කිරිමටය.

සජිත් රනිල් සමග එකතු වනවාට රාජපක්ෂලා තරම් කැමති පිරිසක් මෙලොව නැත. එ රනිල් සමග යන සියලු පුද්ගලයන් විනාශ වන බව රාජපක්ෂලා ද දන්නා නිසාය.

සෑම එකතු වීමක්ම, සෑම සංධාන ගත වීමක්ම ජයග්‍රහණයට හේතු නොවේ. පරාජය සදහා හේතු වන එකතු වීම්ද පවතී. රනිල් සමග එකතු වීම ඊට හොදම නිදසුනයි.

රනිල් වික්‍රමසිංහ යනු පාට, පක්ෂ, ආගම්, ජාති භේදයකින් තොරව මෙරට ජනයා හට හිරිකිත වූ, අප්පිරිය වූ දේශපාලන චරිතයකි. නිදහසින් පසු වේලුපිල්ලේ ප්‍රභාකරන්ට, සහරාන්ට පසු මෙරට ජනයාගේ වෛරයට පාත්‍ර වූ එකම පුද්ගල නාමය රනිල් වික්‍රමසිංහ ලෙස හැදින්විය හැකිය. පසුගිය මහ මැතිවරණ ප්‍රථිපලය ඊට හොදම නිදසුනයි.

අවසන්වු මෙරට ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පසු බැසීමට හේතුවු ප්‍රධාන කාරණාව වන්නේ රනිල් වික්‍රමසිංහ විසින් සජිත් ඇතුලු සමස්ථ පාක්ෂික ජනතාවම රාජපක්ෂ පවුල වෙත පාවා දීමය.

රනිල් වික්‍රමසිංහ යන පුද්ගලයා හට මෙරට ජනතාව කිසි දිනෙක රටේ පාලන බලය ලබා දුන්නේ නැත. එ ජනතාවට රනිල් කෙරෙහි පවතින අවිශ්වාසයත්, පිළිකුලත් සහ වෛරයත් හේතු කරගෙනය.

රනිල් හැම විටම බලය ලබා ගත්තේ පාර්ලිමේන්තුවේ හුදු ඔලු ගෙඩි (2002) මාරුවකින් හෝ අන් අයකුගේ කර මත නැගීමෙනි (2015). එම අවස්ථා වලදී වුවත් ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් රනිල් තව තවත් ජනතාවගේ වෛරයට පාත්‍ර වන ලදී.

තමන් හට මෙරට ජනතාව වෛර කරන බව දැන දැනම “සජිත් ජනාධිපති වුවත් අගමැති තමන් යැයි” රනිල් ප්‍රකාශ කරන ලදි. එ අවසන් වූ ජනාධිපතිවරණයේ දි තැපැල් චන්දයට පෙර දිනදීය. එ සජිත්ව පරාජය කිරිමේ අරමුණින්ය. රාජපක්ෂ පවුලේ ඉල්ලීම මත රනිල් විසින් කරන ලද එම ප්‍රකාශයට රාජපක්ෂ පවුලට හිතැති මාධ්‍ය ඉතා ඉහල ප්‍රචාරයක් ලබා දෙන ලදී.

එවකට රාජපක්ෂ දේශපාලන ප්‍රචාරක යාන්ත්‍රණය ද ක්‍රියාත්මක වුවේ “සජිත් ආවත් අගමැති රනිල්ම බව” ප්‍රචාරය කිරීමටය. එ මෙරට ජනතාවට හිරිකිත, ජනතාවගේ වෛරයට පාත්‍ර වූ රනිල් සජිත් සමග සිටින බව ඇගවුවහොත් සජිත්ගේ පරාජය නියත බව රාජපක්ෂලා ද දන්නා නිසාය.

රනිල් අදටත් සිදු කරන්නේ එයමය . ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් සජිත් ප්‍රේමදාස ඇතුලු සමගි ජන බලවේගයේ ගමන දියාරු කිරිමට රනිල් රාජපක්ෂලා හට උදව් කරයි. එ ඉදිරියේදි සජිත් රනිල් සමග එකතුවන්නේය යන බොරු පණිවිඩය සමාජ ගත කිරිමට රාජපක්ෂලා හට උදව් කිරිමෙන්ය.

පකිස්තානයෙ අගමැතිවරයා තමන් සමග වචනයක් හෝ කතා නොකරන බව දැන දැනත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටම වෙන්වු භෝජන සංග්‍රහයකට අගමැති මහින්දගේ ආරාධනය පිට ‍රනිල් යන්නේ එ නිසාය. එසේ ගොස් රාජපක්ෂලා ගේ ඉල්ලීම පිට සජිත් ලගම වාඩී වී මාධ්‍යට ජායාරුප ලබා ගැනීමට ඉඩ ලබා දෙන්නේ එ නිසාය.

එසේ ලබා ගත් ජායාරූපයක් පහත දැක්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here