ඉම්රාන් කාන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට මහින්ද රනිල්ටත් ආරාධනා කරලා. රනිල්ව සජිත්ගේ ලගින් වාඩි කරවලා ජායාරූප අරගෙන මාධ්‍යටත් මුදා හැරලා.

0
676

ඉම්රාන් කාන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට මහින්ද රනිල්ටත් ආරාධනා කරලා. රනිල්ව සජිත්ගේ ලගින් වාඩි කරවලා ජායාරූප අරගෙන මාධ්‍යටත් මුදා හැරලා.

ඊයේ(23) දිනයේදි අරලිය ගහ මන්දිරයේ දි මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් හට පමණක් විශේෂ රාත්‍රී භොජන සංග්‍රහයක් සූදානම් කර තිබුණි. එ පකිස්තානු අගමැති ඉම්රාන් කාන් මහතා මෙරටට පැමිණීම හේතු කොට ගෙනය.

මෙහි විශේෂ සිදුවීම වන්නේ මෙරට වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට පමණක් සීමා වුණු මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සදහා මේ වන විට අන්ත පරාජයකට ලක්ව සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ද නොවන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පැමිණ සිටීමයි. එහිදි රනිල් වික්‍රමසිංහ මහතා හට අසුන් පනවා තිබුණේ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසල වීමයි.

මාධ්‍යවේදීන් මේ පිළිබදව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදි එ මහතා සිය ආරක්ෂකයන් වට කරගනිමින්  මාධ්‍යවේදින් මග හැර පලා ගොස් තිබු අතර පසුව හෙලිවී ඇත්තේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා හට මෙම භෝජන සංග්‍රහයට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් පිට රනිල් වික්‍රමසිංහ මහතා හට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අසලම අසුන පැනවු බවත්ය.

එම අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදීන් පවසා සිටිනේ අගමැති ඉම්රාන් කාන් මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග එකදු වචනයක් හෝ කතා නොකල බවය.

එම ජායාරූපය සමාජ මාධ්‍ය තුල ඉතා වේගයෙන් සංසරණය වෙමින් පවතින අතර එම ජයාරූපය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here