රටම ගිනිගත්ත මොහොතේත් ‘බේගල් ප්ලාන්ට්’කරමින් කුජීත දේශපාලනයක.

0
248

රනිල්ගේ ජුන්ටාවෙන් ‘පච මෝලක්’

රටම ගිනිගත්ත මොහොතේත් ‘බේගල් ප්ලාන්ට්’කරමින් කුජීත දේශපාලනයක.

එක් අතකින් කොරෝනා උවදුරත්,අනෙක් අතින් ආණ්ඩුවේ නොමනා දේශපාලනයත් අතර ජනතාව අන්ත අසරණව සිටින අතරේ දේශපාලනිකව නන්නත්තාර වී සිටින රනිල් පිල අමු බේගල් ප්ලාන්ට් කරමින් එදා වේල දේශපාලනයක යෙදෙමින් සිටී.

මෙරට දේශපාලනයේ ජනතාව අතර අප්‍රසන්නම පරාජිතයාගේ චරිතය දශක තුනක් තිස්සේ නිරූපණය කරන රනිල් මේ තීරණාත්මක අවස්‍ථාවේත් සිය බත් බැලයන් ලවා බොරු සමාජ ගත කරමින් සිටීම ගැන රනිල්ට සමීප මන්ත්‍රීවරු පවා අප්‍රසාදයෙන් කතාකොට තිබේ.

අලුත්ම බොරුව මෙන්න.

සමගි ජන බලවේගය නියෝජනය කරන පිරිසක් නැවත රනිල් හා එක්වීමට සාකච්ඡා පවත්වන බව රනිල්ගේ සහ බත් බැලයින්ගේ අලුත්ම ටොන් පචය බවට පත්ව තිබේ.ඔවුන්ගේ ප්‍රවෘත්තියට අනුව මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය නියෝජනය කරන පිරිස් සමග එජාපය රහස් සාකච්ඡා පවත්වයි.

හිටපු අමාත්‍යදරු,මන්ත්‍රීවරු පමණක් නොව ආසන සංවිධායක හා පළාත් මන්ත්‍රීවරු පවා රනිල් හැරදා සමගි ජන බලවේගයට එක් වූ නිසා රනිල්ලාට සිදු වූයේ පරාජයට පත්වූ ප්‍රාදේශීය සභා අපේක්ෂකයින්ට නාමයෝජනා දෙන්නට ය.

ඒ නිසා සෑම දිස්ත්‍රික්කයකම එජාපයෙන් නාමධාරී චරිත නැත.සිටින කිහිපදෙනාගේ කැරැට්ටුව රටම දනී.

එවන් කුජීත තැනකට එජාපය තල්ලු කළේ රනිල් ඇතුලු නඩය මිස සජිත් නොවේ.දැන් එජාපය ශ්‍රිලනිපයටත් වඩා සෝදාපාලුවී හමාරය.

එවන් ගිලී ගිය නැවක සුක්කානම බදාගෙන සිටින පුද්ගලයා සහ කුඩා කල්ලිය සමග සමගි ජන බලවේගයේ පිරිස් සාකච්ඡා කරනවා කීමම ඉතිහාසගත විහිලුවක් බව රටම දන්නා කරුණකි .

මේ ව්‍යසනකාරී මොහොතේ සමගි ජන බලවේගයේ සියලු කාඩරය කටයුතු කරමින් සිටින්නේ ජනතාව නගා සිටුවීමට ය.

ඔවුන් දිගින් දිගටම අරගල කරන්නේ ජනතාවට සහන සැලසීමේ කාර්‍යයට ආණ්ඩුව තල්ලු කිරීමටය.

සමගි අරමුදලට එහි සියලු නියෝජිතයින් පාහේ දායක වූ අතර ආණ්ඩුව පෙරලන ගාමක බලවේගය සමගි ජන බලවේගය බව නොදන්නා කෙනෙක් නැත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැර හැරිය නොහැකි වගකිව යුත්තන් අතර රනිල්,සාගල,රුවන් වැන්නන් ද සිටී.

බී.බී.සී සිංහල සේවය සමග වූ සාකච්චාවකදී මාධ්‍යවේදියා රනිල්ගෙන් ඇසුවේ ‘එදා ඔබ කොහෙද සිටියේ ?’

කියායි.

‘මම හිටියේ බෙන්තොට.මම මුකුත් දන්නේ නෑ.මට වගකීමක් නෑ’

කියා රමිල් කීවේය .

එහෙව් රනිල්ලාගේ කුජීත දේශපාලන පිලිවෙත රටම දනී.

කොරෝනා උවදුර රටට එන බවට අනතුර හැගවූයේ සජිත් ය.ඒ විපක්ෂ නායක ලෙසටය.

එහෙත් පාස්කු ප්‍රහාරය සමයේ අගමැති ලෙස සිටි රනිල් පාස්කු ප්‍රහාරය නොසලකා හැරියේය.අඩු තරමේ වගකීමක්වත් නොගත්තේය.

වෙනස ඒකය.

හමුදාව යුද්ධය නිමා කරන්නට සටන් වදිනවිට රනිල් කීවේ ‘තොප්පිගල කැලෑවක්’කියාය .’අලිමංකඩ පාමංකඩ’කතා කීවේ ඔහුගේ ‘නායකයා’හෙවත් රවී ය. ‘සුලගෙන් ඒඩ්ස් බෝවෙනවාක”කී අකිල කොරෝනා ගැන වචනයක් නොකීවේය.

පාස්කු ප්‍රහාරයට වසරක් පිරෙනදා  කාදින්ස්ල් හිමියන් දේශපාලන අවස්‍ථාවාදීන්ට ටොකු පිට ටොකු ඇන්නේය.

නමුත් සජිත්ගේ පිළිවෙත පිළිබඳව ස්තූති කළේය.එමෙන්ම ඔහුට තමන් වහන්සේ හමුවීමේ අවස්‍ථාව පවා ලබා දුන්නේය .

මේවායින් ඊරිසියාවටත් වියරුවටත්,අසහනයටත් පත්ව සිටින රනිල් කල්ලිය පොහොට්ටුව සමග එක්ව බේගල් ප්ලාන්ට් කරයි.

මේ අවාසනාවන්ත අවස්‍ථාවේ පවා දේශපාලනය කරන කල්ලි දෙකක් රටේ තිබේ.

එකක් ආණ්ඩුව ය්ස්.අනෙක රනිල්ලා ය.

ආණ්ඩුව එලිපිට දේශපාලනය කරන අතර රනිල්ලා හැංගිමුත්තං දේශපාලන කරයි.

සමගි ජන බලවේගය මේ අවස්‍ථාවේ ජනතාවගේ පැත්තෙහි සිටින එකම බලවේගය බවට පත්ව ඇත. 

එහෙත් රනිල් ආණ්ඩුවට ලකුණු දෙමින් සිය දේශපාලන ‘ඩීල් එක’කරමින් සිටී.

එවන් තත්ත්වයක් තුල එදා වේල දේශපාලනයේ තවත් එක් බේගලයක් ලෙස ‘සජිත්  පිලේ පිරිසක් රනිල් ලගට යනවාය කියන ‘බොරුව හැදින්විය හැක.

‘මේ වෙලාවේ දේශපාලනය කතා කරන්න වටිනවද?.මොනවා වුනත් සජිත්  තමයි මුලින්ම කොරෝන උවදුර ගැන හෙලි කළේ.අනික, මැතිවරණය කල් දාන්න අරගල් කළෙත් ඒ මනුස්සයා .’ජීවිතද වටින්නේ මැතිවරණද වටින්නේ කියල’කෙලින්ම ඇහුවේ ඒ මනුස්සයා .එහෙන් අපිට එන්න ඉන්නවා කියන  කතා බොරු කියල රටම දන්නවා.මේවා දෙකයි පණහේ විහිලු.’

රනිල් පිල නියෝජනය කරන ගම්පහ ප්‍රභලයෙක් එහෙම කීවේය .

ඔවුන්ගෙ ප්‍රාතමික බේගල්වල තරම එයින්ම බලාගත හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here