හිටපු විපක්ෂ නායක අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවෙයි.

0
191

හිටපු විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු නිල නිවසේදී බැහැ දුටුවේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරෙන අද(21) අගරදගුරු හිමිපාණන් හමුවී ශෝකය බෙදා ගැනීම එම හමුවෙහි අරමුණ විය.

තමන් ත්‍රස්තවාදයට සහමුලුන්ම එරෙහි බවත් ත්‍රස්තවාදීන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දියයුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කිසිම ජනකොටසක් කොන් කිරීම හෝ වෙන් කිරීමට තමා විරුද්ධ බව කී ඒ මහතා අද රටට අවශ්‍යවන්නේ ප්‍රගතිශීලී ජාතිකත්වය බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here