කොරෝනා තත්වය සැලකිල්ලට ගෙන පොහොට්ටු පක්ෂ මූලස්ථානය වසාදැමේ

0
185

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානය අද (20) සිට නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව එම පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනය කරයි. 

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුකූල වෙමින් මෙම තීරණයට එළඹුණු බවයි ඒ මහතාගේ නිවේදනයේ සඳහන් වන්නේ. 

ඒ අනුව පක්ෂ මූලස්ථානයේ සියලුම අංශ වසා දැමෙන අතර මාධ්‍ය අංශය පමණක් සීමිත කාර්ය මණ්ඩලයක් යටතේ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වනු ඇති බව ද එම නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here