ඡන්දය කල් දාන්න අපට ඕනෙ නෑ, ජනතාව තම තමන් ආරක්ෂා වෙන්න – චමල්

0
198

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඡන්දය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කළ යුතුව ඇත්තේ ජනතාව තම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම බවත් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. 

“බියට පත්වෙන අය නොයෙක් නොයෙක් ප්‍රකාශ කරනවා. නමුත් මේක ඡන්දය කල්දැමීම නෙවෙයි, ආරක්ෂා වීම – තම තමන් ආරක්ෂා වීම තමයි කළ යුත්තේ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here