විශේෂ හෙළිදරව්වක්! එජාප ප්‍රභලයාගේ සහ දෙවන බිරියගේ මහා පරිමාණ මුල්‍ය ගණුදෙනුවක් මාට්ටු

0
233

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථිකය සම්බන්ධයෙන් වඩාත් කතාබහ කරන ප්‍රබල මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් විශාල ‌හෙළිදරව්වක් කිරීමට ආණ්ඩුව සුදානම් වනවා.

එම මන්ත්‍රීවරයාගේ ‌දෙවැනි බිරියගේ නමට ලියාපදිංචි වී ඇති රාජ්‍ය ‌නොවන සංවිධානයක සිදුව ඇති මහාපරිමාණ අයථා ගනුදෙනු රැසක ලියකියවිලි ‌මෙසේ ප්‍රසිද්ධියට පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම ගිණුමට 2012 වසරේ ‌ඩොලර් ලක්ෂයක මුදලක් බැරව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ‌කෙරුණු පරීක්ෂණවලදී එම මුදල් ලැබුණු ආකාරය පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කිරීමට අදාළ පාර්ශ්වයන් අසමත්ව ඇති බවත් වාර්තා ‌වනවා.

පසුව එවකදී පැවැති රජයේ ඇතැම් ප්‍රධානීන්ගේ සහායෙන් ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ යට ගසා ගැනීමට එම මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බව දැනගන්නට තිබෙනවා.

ඉන් අනතුරුවද ‌ගෙවුණු යහපාලන ආණ්ඩු කාලසීමාවේදී ‌මෙම ගිණුමට අවස්ථා කිහිපයකදීම විදෙස් මුදල් ලැබී ඇති බව පැවසෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here