කොරෝනාවට මුහුණ දෙන්නත් අලුත් පාර්ලිමේන්තුවක් ඕනෑ. ඡන්දෙ කල්දාන්න බෑ ! – යාපා

0
226

කොරෝනා වසංගත තත්වයට මුහුණ දීම සඳහා ද අලුතින් පාර්ලිමේන්තුවක් තෝරාපත් කරගත යුතු බැවින් මහමැතිවරණය කල්දැමීමට කිසිසේත්ම නොහැකි බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කරයි.

“අපි විශේෂයෙන්ම රජයක් හැටියට ප්‍රකාශ කරනවා මේ සඳහා සති දෙකකින් නිරෝධනය කිරීම සඳහා සියලු කටයුතු රජය සූදානම් කරලා තියෙන්නෙ. ඒනිසා මේ සඳහා ඉතාමත්ම හොඳ සූදානමක් තියෙනවා. ඒනිසා මේ වෙලාවෙ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. 

ඒ වගේම ඡන්දය කල්දැමීම සඳහා කියන ප්‍රකාශයක් යනවා. මං හිතන්නෙ ඒක කරන්න බෑ. ඒවගේම මේකට මුහුණ දෙන්න නම් කඩිනමින්ම අලුත් පාර්ලිමේන්තුවක් රැස්විය යුතුයි. ඡන්දෙ කාලෙට කල්පනා කරන්න ඕනෙ මේ මැතිවරණ කාලෙට විශාල ජනරැළි තියෙනවාද නැද්ද කියන එක. ඒක කල්පනා කරන්න වෙන්නෙත් ප්‍රධාන දේශපාලන පක්ෂවලට” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here