විජේදාස රාජපක්ෂ පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි දීමට කැඳවයි.

0
207

පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අද (28) පෙනී සිටීමට නියමිතයි. 

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළමෙන්ම ඉන් පිටතදී සිදුකළ ප්‍රකාශයන්ට අදාලව සාක්ෂි විමසීම සඳහා එම කැදවීම සිදුකර තිබේ. 

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව විසින් පුද්ගලයින් 570 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 

එමෙන්ම පුද්ගලයින් 74 දෙනෙකුගෙන් පමණ එම ජනාධිපති කොමිසම මගින් සාක්ෂි සටහන් කරගෙන ඇතිබව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here