කොරෝනා නිසා ආණ්ඩුව කිසිසේත්ම ඡන්දය කල් දාන්නේ නෑ. අප්‍රේල් 25 තියනවාමයි ! – තිලංග

0
203

කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්වය යටතේ වුවත් කිසිසේත්ම මහමැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් අනිවාර්යයෙන්ම අප්‍රේල් 25 වනදා නියමිත පරිදි මහමැතිවරණය පවත්වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක, හිටපු අමාත්‍ය තිලංග සුමතිපාල මහතා අවධාරණය කරයි.

“කලට වෙලාවට මැතිවරණ තියන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ජනතාව, විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීම තුළින්. ඒනිසා අපි කිසිසේත්ම – මැතිවරණ කොමසාරිස් හෝ ආණ්ඩුව – මේ මැතිවරණය කල් දැමීම පිළිබඳ එකඟතාවයක් නෑ. 

අපට කරන්න පුළුවන් හැම මහන්සියක්ම යොදලා හැම උත්සාහයක්ම දරලා අප්‍රේල් මාසෙ 25 වෙනිදාට දින නියම කරන් තියෙන මැතිවරණය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, තමන්ගේ පරමාධිපත්‍ය ප්‍රකාශයට පත්කිරීමට තියෙන අවස්ථාව අපි ඉෂ්ඨ කරලා දෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

තිලංග සුමතිපාල හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here