ඖෂධ මාෆියාව හෝ ඖෂධ හිඟය නවත්වන්න මේ රජයටත් බෑ. අපට කණගාටුයි – GMOA

0
203

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ ඖෂධ මාෆියාව නැවැත්වීමට හෝ ඖෂධ හිඟය වැළැක්වීමට වත්මන් රජය ද අපොහොසත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය සහ කණගාටුව පළ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 

“රාජිත සේනාරත්නගේ යුගය තුළ ඔහුගේ සෘජු අධික්ෂණය යටතේ ආරම්භ වෙච්ච මේ ඖෂධ මාෆියාව නිමා කරළීමට නව පාලනයටත් නොහැකිවීම සම්බන්ධයෙන් සමස්තයක් වශයෙන් ගත්තාම යම් අප්‍රසාදයක්, කණගාටුදායක තත්වයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. 

එතකොට එකම වෙනස තමයි රාජිත සේනාරත්න යුගය තුළ දිගින් දිගටම අපි මේ ප්‍රශ්නෙ මතු කළාම දිගින් දිගටම රාජිත සේනාරත්නගෙ බලපෑම හමුවේ බලධාරීන් දිගින් දිගටම කියපු කාරණය තමයි එහෙම ප්‍රශ්නයක් නැහැයි කියන එක. ඒ කියන්නෙ ඖෂධ හිඟයක් තියෙනවා කියන එක කිසිම අවස්ථාවකදී මේ රටේ බලධාරීන් පිළිගත්තෙ නෑ. පිළිගන්නෙ නැතුව ඉන්නවා විතරක් නෙවෙයි ජනතාවගේ ප්‍රශ්නය රටට ඉදිරිපත් කරපු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉලක්ක කරගෙන පළිගැනීමේ වැඩසටහනක් තමයි දියත් කළේ, ප්‍රශ්නෙට උත්තරයක් හම්බුණෙ නෑ. 

මේ මොහොතෙ තියන සාධනීය තත්වෙ තමයි අපි මේ ප්‍රශ්නෙ ඉදිරිපත් කරනවාත් එක්කම මේ රටේ බලධාරීන් පළවෙනි වතාවට එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්න තරම් නිහතමානී වෙලා තියෙනවා. ඒක හොඳ තත්වයක්. එතනින් එහාට විසඳුම් මොනවද කියලා අපි හැමෝම සිතා බැලිය යුතුයි. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට අපේ යෝජනා අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් තියෙන්නෙ ඒවා ක්‍රියාත්මක කිරීමටයි” යනුවෙනුයි එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here