ලක් වනිතා අචිනිට දී, අකිල මනාප ඇහිදියි

0
219

පරාජයේ සොහොන් ලකුනු පෙනි පෙනී එජාප මහ ලේකම් අකිල කාරියවසම් මේ වනවිට වියරු වැටී සිටී.

නින්දෙන් ඇහැරුනු ආකාරයෙන් තීන්දු තීරණ ගනිමින් අකිල එජාපය බිල්ලට දී කෙසේ හෝ පාර්ලිමේන්තු එන්නට පිඹුරුපත් සකසයි.

එහි ආසන්නම සිදුවීම වන්නේ ලක් වනිතා සභාපති ධූරය හිටපු නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේගෙන් ගලවා ඒ වෙනුවට එම ධූරය අචිනී ලොකුබණ්ඩා ට පවරා තිබේ.අචිනී යාපහුව ආසනය නියෝජනය කරන අතර පසුගිය මැතිවරණ වලදී පරාජයට පත් වූ අපේක්ෂිකාවකි.නමුත් අකිලට උවමනා යාපහුවෙන්ද මනාප ටිකක් එකතු කරගැනීමය.

දයා ගමගේ සහ අනෝමා ගමගේ රනිල් වෙනුවෙන් සෘජුවම පෙනී සිටි අතර අකිලලා සිය බඩරස්සාව වෙනුවෙන් සුපුරුදු පාවාදීම සිදුකර ඇත.

ඒ අනුව අනෝමා නෙරපා හැර අචිනිට ලක් වනිතා භාර දී තිබෙන්නෙ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගන්නා බවටද පොරොන්දුවක් දීමෙනි.

මීට පෙර අකිල මෙවැනිම කූඨ ගේමක් ගැසුවේ ශමල් සෙනරත් සිරිකොතට ගනිමිනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වීමෙන් පසු ශමල්ට අකිල සිරිකොතේ රස්සාවක් දුන්නේය .ශමල් නියෝජනය කළ ආසනයේ මනාප ටික අකිලගේ මල්ලට ගත්තේ ය.

රනිල් අකිලට උදව් කරන්නේ එහෙමය.

මෙවර අචිනිට ලැබී තිබෙන්නේද එහෙම ටොපිය කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here