සජිත් අලුත් තැනකට

0
201

සමගි ජනබලවේගයේ සමාරම්භයක උත්සවයට පෙර ඒ සඳහා එක්වන ලෙ‍ස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසටම ගොස් කළ ආරාධනය තවමත් වලංගු බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉදිරි මහමැතිවරණය සඳහා සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට අද (09) එක්වෙමින් ඔහු මේ අදහස් පල කළේය.

ඉදිරි මහමැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා සමගි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ඊ.ඩබ්ලිව් පෙරේරා මාවතේදි විවෘත කරනු ලැබුවේය.

එම අවස්ථාවට එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පක්ෂ නායකයින් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි වීය. 

මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය දිස්ත්‍රීක් 22ක සඳහා දුරකථනය ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිසමට අද දැනුම් දී තිබේ.

අප කළ විමසීමකදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සමගි ජනබලවේගයෙහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඒ පිළිබඳව  ලිපියකින් තමන් දැනුවත් කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here