තෙදිනක් තිස්සේ සොයන රවී

0
198

අධිකරණය වරෙන්තු නිකුත් කර පැය 72 ක් ගතවුවද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා  අත්අඩංගුවට ගැනීමට හෝ ඔහු සිටින ස්ථානයක් සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවමත් හැකි වී නැත.

එම දෙපාර්තමේන්තුව මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත්තේ වරෙන්තු නිකුත් වූ 10 දෙනාගෙන් එක් අයෙකු පමණයි.

2016 මාර්තු මාසයේ සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසි දෙකකට අදාළව එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ ඉකුත් සිකුරාදායි.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අද (09) පෙරවරුවේත් බත්තරමුල්ල, රජමල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගොස් මිනිත්තු 20කට ආසන්න කාලයක් පරීක්ෂා කර යළි පිටත්ව ගිය බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ.

මේ අතර ඊයේ (08) රාත්‍රී 10.30ට පමණ මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු පාර්සල් කිහිපයක් රැගෙන එම නිවසට ඇතුළු වන ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණි.

කෙසේවෙතත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අයත් බව පැවසෙන ,කොල්ලුපිටිය ප්‍රෙද්ශයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ දින සිට මේ දක්වා  කිසිඳු නිලධාරියෙක් නොපැමිණි බවයි අප වාර්තාකරු පවසන්නේ.

එමෙන්ම වරෙන්තු නිකුත් වූ පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ගේ කොළඹ මල් මාවතේ පිහිටි නිවස අද පෙරවරුවේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්කෙරුණි.

ඔහුද මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here