කලුකෝපි ඩීල්කාරයෝ

0
201

2015ජනවාරි 9පාන්දර දශකයක් ඉක්මවූ මහින්දගේ ආණ්ඩුව පරාජය වෙමින් තිබිණි. එදා පාන්දරම අමුත්තෙක් අරලියගහ මන්දිරයට ආවේය.

ඒ රනිල් ය.

හොරු අල්ලන ලෙසත්,දූෂිතයන් අවසන් කරන ලෙසත් ඉල්ලූ ජනතාව ඒ බලාපොරොත්තු ඇතිව මහින්දව පරාජය කළ අතර පාන්දර රනිල් ගොස් මහින්දට පොරොන්දු වූයේ මොනවාද කියන එක අදත් අබිරහසකි.

හැබැයි ඒ රහස් ටික ටික එලියට ආවේ යහපාලන ආණ්ඩුවට මාස පහක් යන්නත් පෙරය.

රනිල්ගේ සමීපතම සාගල එවක පොලිස්පතිට කතාකොට රාජපක්ෂලාගේ සමීපතයෙක් අත් අඩංගුවට නොගන්නා ලෙස කියා “නීතිය නැමුවේය’.

ඒ රනිල්-මහින්ද ඩීල් ය.

පරාජය වූ මහින්දට හෙලිකොප්ටර් ලබා දෙමින් මැදමූලනට යැවූ රනිල් එතැන් සිට මහින්දගේ ආණ්ඩුවේ සියලු දූෂණ,වංචා වසා දැමුවේය .

රනිල් – මහින්ද ඩීල් එක අද ඊයෙක පටන් ගත්ත එකක් නොවේය. චන්ද්‍රිකා ජනාධිපති කාලේ ඉඳලාම එන ඩීල් එකක්ය. ඒ දවස්වල ආණ්ඩුව කළේ චන්ද්‍රිකා, මහින්දලාය. මහින්ද ඇතුළේ රහස් ඔක්කොම රනිල්ට කියන බව චන්ද්‍රිකාම කීවාය. චන්ද්‍රිකාට විරුද්ධව මහින්දත් එක්ක තිබුණු ඩීල් එක නිසාම රනිල් විපක්ෂයේ හිටියත් මහින්ද ඔහුට උදවු කළේය. මහින්ද විපක්ෂයට ගියාම රනිල් ද ඒ විදිහටම උදවු කළේ ය. මහින්දගේ පවුලේ කාටවත් නඩු දලා ඇතුළට දාන්නේ නැති බවට රනිල් පොරොන්දු වුණේ ය. කියපු විදිහටම වැඬේ කළේ ය. මේ ජාතියේ උදවු දෙන්නා දෙපැත්තට කර ගත්තේය. අදටත් එසේමය.රනිල් එලවන තීරණාත්මක කැරැල්ල වෙලාවේ සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට පාර හදන්න ගල් ගෙනල්ලා දැම්මේ මහින්දය. ඒකෙන් කාටවත් එතනින් එන්න බැරි කළේ ය. රනිල්ට කිසිදු තනතුරක් නැතිව තියෙද්දීත් ආරක්ෂාවට දෙසීයක් දීලා තියෙන්නේත් මේ පරණ උදව්වලට හිලව්වට ය.

රටේ අශුද්ධම අපකීර්තිමත්ම පිළිකුල්සහගත ඩීල්එක පවතින්නේ අගමැතිවරයා සහ මහින්ද රාජපක්ෂ අතර බව වරක් අනුර දිසානායක කීවේය.

මහින්ද කිසිදාක රනිල්ව විවේචනය කොට නැත.වරක් යහපාලන සමයේ මහින්දලා

පාදයාත්‍රාවක් ගිය අතර එය අවසානයේ තිබුණු රැස්වීමේ කතාවලින් හෝ රනිල්ට විවේචන නැත. ඒ රනිල්ගෙ වුවමනා වෙනුවෙන් රාජපක්ෂ කල්ලිය කටයුතු කරමින් සිටි නිසාය. 

එදා ශිරන්ති රාජපක්ෂගෙන් කටඋත්තර ගන්න FCID නිළධාරීන්ට කතානායක නිළ නිවසට යන්න සිදුඋනෙත් මේ ඩීල්වල බලපෑම නිසාය.’

වරක් රනිල්ට එරෙහි විශ්වාස භංගයක් ආවේය.එහෙත්, රාජපක්ෂට සම්බන්ධ 12ක්ම පාර්ලිමේන්තු  ආවේ නැත. අනික මෙයින් බොහෝදෙනකුම සවස 3, 4 වන තුරුම පාර්ලිමේන්තුවේ රැඳී සිටි නමුත් ඇයි ඔවුන් ඡන්දය විමසන අවස්ථාවේ පමණක් නොසිටියේ?.

මහින්ද රනිල්ට එරෙහි විශ්වාස භංගත්වයට අත්සන් නොකළේ ඇයි?එපමනක්ද නොව,

රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන් කිරීමක් හෝ ඡන්දය දීමක් සිදු නොකළේය.

‘මහින්ද රාජපක්ෂ මහත්මයා දේශපාලනයේ හැමවිටම සූදු තමයි කරන්නේ. එතුමාගේ කණ්ඩායම රවි කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනාවා. ඒත් එතුමා ඊට අත්සන් කළේ නැහැ .ඡන්දය දුන්නෙත් නැහැ. ජවිපෙ අපි එදා ඒ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා.” පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක එදා කීවේය .

 විපක්ෂ නායක කම අහිමි වුණු රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ කාර්යාලයක් , වාහන 8ක් , ආරක්ෂාවට 200ක් දුන්නේ මහින්ද රාජපක්ෂ ය.

‘රනිල් දෙනියායේ යන්න තමයි කැමතිම.හැබැයි ඊට වඩා එයා මහින්ද මුණගැහිලා ඇති.රනිල්ගේ ෆෝන් එකෙන් වැඩියෙන්ම කතා කරලා ඇත්තේ මහින්දට’

දෙදෙනාගේ ඩීල් ගැන දන්නා අය කියන්නේ එහෙමය.

හැබැයි මේ යුගයේ ලොකුම බොරුව ‘සජිත්-මහින්ද’ඩීල් තියෙනවා කියන එකය. මහින්දගේ සියලු මාධ්‍ය රනිල්ව කරේ තියාගෙන යන්නේත් සජිත්ට කුඩුවෙන්න ගහන්නේත් අහවල් ඩීල් එකටද කියා දන්නේ නැත.

හැබැයි කලු කෝපි බිබී කුමන්ත්‍රණ කළ රනිල් -මහින්ද දෙදෙනාගේ ඩීල් නම් ලෝකෙම දනී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here