ෆේස්බුක් එකේ භය නැතුව ලියන්න.මම ඉන්නවා. විපක්ෂ නායක සජිත් කියයි.

0
168

සමාජ මාධ්‍ය නිරීක්ෂණයට වෙනම කණ්ඩායමක් යෙදවීමට තීරණය කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කිරීමත් සමගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබීය. එමගින් එමහතා ආණ්ඩුවට පවසා සිටින්නේ සමාජ මාධ්‍ය වෙත අත නොතබන ලෙසයි.

එම ප්‍රකාශය පහතින්,

ආණ්ඩුව මාධ්‍යට එරෙහිව අවි එසවීමේ මර්ධනකාරී පියවර සමාජ මාධ්‍ය වලට අතතියමින් ආරම්භ කොට තිබේ.

නමුත් විරුද්ධ මතධාරීන් මර්ධනය කිරීම සදහා ආණ්ඩුව විසින් කටයුතු කරනු ලැබු මුල්ම අවස්ථාව මෙය නොවේ.මාධ්‍යට අවශ්‍යවන්නේ ස්වයං වාරණයක් මිස රාජ්‍ය හෝ වෙනත් හස්තයක බලපෑම නොවන බව අපි අවධාරණය කරමු.

මාධ්‍ය නිදහස වෙනුවෙන්ද තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන්ද අපි කොන්දේසි විරහිතව පෙනීසිටින අතර මාධ්‍යට එරෙහිව කෙරෙන සියලු පන්නයේ වාරණ , තර්ජන සහ සීමාවන් වලටද අපි එරෙහි වෙමු.

මාධ්‍යට එරෙහිවූ සෑම පාලකයෙක්ටම,සෑම පාලනයකටම අවසානයේ උරුම වූයේ කෙබඳු ඉරණමක්දැයි ඉතිහාසයේ සාක්ෂි පැහැදිලිව තිබේ.

සියලුම මාධ්‍ය වල නිදහස වෙනුවෙන් අරගල කරන සටනෙහි අපිද පෙරමුණෙන් සිටිමු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here