ළමා කාලය ගත කිරීමට සුදුසුම රට

0
307

ලෝකයේ වඩාත් සතුටින් සිටින ළමයින් සිටින රට ලෙස නෙදර්ලන්තය හඳුනාගෙන තිබේ.

ඔවුන් කුඩා කාලයේ සිටම නිදහස භුක්ති විඳින බවත් දෙමව්පියන්ගේ බලපෑම් අඩු බවත් පර්යේෂණයකින් හෙළිවී තිබේ.

European Journal of Developmental Psychology සිදුකරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබුණේ නෙදර්ලන්ත ළමුන් ඉතා ඉවසිලිවන්ත බවය.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ එම දරුවන්ට කුඩා කාලයේදී සුව නින්දක් ලැබීමයි.

එසේම එරට දෙමව්පියන් ට දරුවන් සමග වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය කරන නීතිමය පසුබිම සාදා තිබීමත් ඊට හේතුවක් බව සඳහන් වේ.

එරට සතියකට වැඩ කළයුතු කාලය පැය 29කි.

2018 දී සිදුකළ OECD පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ වෘත්තීයවේදීන් සතියකට වැඩ කළ යුතු අඩුම පැය ගණන ඇත්තේ නෙදර්ලන්තයේ බවය.

එමගින් වැඩිහිටියන්ට සිය වෘත්තීය සහ පවුල් ජීවිත මනා ලෙස කළමනාකරණය කර ගැනීමට අවස්ථාව හිමිවන බව දක්වා තිබේ.

එසේම එරට බොහෝ දෙනා අර්ධ කාලීන රැකියාවල නිරත වේ. එමනිසා ඔවුන්ට වෘත්තීය බැඳීම් අඩුය.

එරට වැඩිහිටියන් ළමයින්ට අධ්‍යාපනය පිළිබඳ දැඩිලෙස බලපෑම් නොකරයි. ඔවුන් අධ්‍යාපනය හරහා මුල්තැන ලබාදෙන්නේ ළමයාගේ පෞරුෂ වර්ධනයට සහ ඔහුගේ යහපත යි.

එසේම ළමුන්ට කුඩා කාලයේ සිටම සිය අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ලැබේ. එමගින් ඔවුන් කඩිනමින් සිය කථන හැකියාව වර්ධනය කර ගන්නා බව පෙනී ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here