හොරු ඉස්සර හැංගුණේ ගල්ගුහාවල වුණාට දැන් හැංගෙන්නේ පාර්ලිමේන්තුවේ-අනුර

0
404

වර්තමානයේ පාර්ලිමේන්තුව වංචනිකයින් සැඟවෙන ස්ථානයක් බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ගම්පහ දී ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ජනතාව විසින් නව පාලකයින් හා නව පාලනයක් ලෙස තෝරා පත් කර ගනු ලබන්නේ පැරණි ක්‍රමවේදයම බවයි.

අතීතයේ දී නම් ආණ්ඩුවක් වෙනස් වන විට අවම වශයෙන් එහි සිටින අය පමණක් හෝ වෙනස් වන බවත් පැවසු ඒ මහතා, රටේ ජනතාව විසින් අලුත් පාලකයින් හා පාලනයන් ලෙස මුහුණුවලින් හෝ වෙනස් පාලනයක් තෝරා පත් කර ගෙන නැතැයි ද පැවසීය.

මේ තත්ත්වය වෙනස් කළ යුතුව ඇතැයි පැවසු අනුර කුමාර මහතා,පාලකයින් වසර 72 ක කාලයක් තුළ රටක් ලෙස කළ හැකි සියලූම පන්නයේ විනාශයන්ට අපේ රට පත්කර අවසන් බවත් කියා සිටියේය.

අද වන විට පාර්ලිමේන්තුව හොරුන්ගේ නවාතැන් පලක් බවට පත්ව ඇතැයි ද පැවසු ඒ මහතා, හොරු මංකොල්ලාකරුවන් අතීතයේ ගල් ගුහාවල සැඟවී සිටියත් වර්තමානයේ ඔවුන් පාර්ලිමේන්තුවේ සැඟවී සිටින බවත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here