හිරබත් කන ‘සුකී’ හිර කරන්න තවත් චෝදනා…

0
186

බලයෙන් පහ කර දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මියන්මාර නායිකා අවුන් සාන් සුකීට එරෙහිව එරට හමුදා පාලකයින් තවත් චෝදනා කිහිපයක් එල්ල කර තිබේ.

එනම් ඇය නීතිවිරෝධීව මුදල් සහ රත්‍රං ලබා ගෙන ඇති බවටයි.

කෙසේ වෙතත් හමුදා පාලකයින් මෙම චෝදනාවල පාදක වූ කරුණු සම්බන්ධයෙන්  මේ වන තෙක් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.

පසුගිය පෙබරවාරී පළමු වැනිදා හමුදා කුමන්ත්‍රණයකින් පසු සුකී  ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ දේශපාලන නායකයින් සිය භාරයටගත් හමුදා පාලකයින් පසුව ඇය රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

එම අවස්ථාවේ ඇයට එල්ල කළ චෝදනා වූයේ, අපනයන සහ ආනයන නීතින් උල්ලංඝණය කිරීම සහ නීතිවිරෝධී සන්නිවේදන උපකරණ ළඟ තබා ගැනීමයි.

පසුගිය නොවැම්බර් මාසයේදී පැවති මැතිවරණයෙන් අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ජයග්‍රහණයක් ලැබූ අතර හමුදා පාලකයින් චෝදනා කළේ මැතිවණය වංචනික බවටයි.

හමුදා කුමණ්ත්‍රණයට එරෙහිව මියන්මාරය පුරා ක්‍රියාත්මක වූ අඛණ්ඩ විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරවලින් මේවනවිට විරෝධතාකරුවන් 7 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

2011 වසරේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී ප්‍රවේශයකට පිවිසෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේ, හමුදා පාලනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here