හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

0
452

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා පත්කර තිබෙනවා.

ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සදහායි රොෂාන් ගුණතිලක මහතා පත්කර ඇත්තේ.

ගුවන් හමුදාපති ධුරය ද දැරූ රොෂාන් ගුණතිලක මහතා ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී දැවැන්ත කාර්ය භාරයක් ඉටුකළ කීර්තිමත් නිලධාරියෙක්.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here