හකීම්ට මුස්ලිම් ජනතාවට කරන්න බැරි වුණ වැඩ අපි කරනවා-නලින්ද

0
397

දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා කළ අනාවරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළේය.

ඒ කළුතරදී මාධ්‍යයට අදහස් දක්වමින්.

ප්‍රශ්නයහකීම් මහතා කියනවා සියලු පක්ෂවල එකමුතුවක්. එකමුතුවට ජනතා විමුක්ති පෙරමුණ සමඟ මේ දිනවල සාකච්ඡා කරනවා කියලා.

මෙයට පිළිතුරු දුන් ඒ මහතා පවසා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙස ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඉන් පරිභාහිරව එජාපය සමඟ හෝ ශ්‍රිලනිපය සමඟ හෝ කිසිදු සාකච්ඡාවක් හෝ ඇයි හොඳකමක් නොමැති බවත් ඒ මහතා පැවසීය.

තමා දන්නා පරිදි රවුෆ් හකීම් මහතා සැමදා ආණ්ඩුවල සිටි බවත් පැවසු ඒ මහතා, ඔහුට මුස්ලිම් ජනතාව වෙනුවෙන් කළ හැකි වුයේ කුමක් දැයි ප්‍රශ්න කර සිටියේය.

අඩුම තරමින් තමන්ට ඡන්දය ලබා දුන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට පවා හකීම් මහතාට නොහැකි වු බවත් නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.

එහෙම තත්ත්වයක් තුළ මෙවැනි බොරු කටකථා ගොතමින් ඔහු ක්‍රියාකරන බවත් පැවසු ජයතිස්ස මහතා, ජාතික ජන බලවේගය මේ වන විට මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ගැන කථා කරන්න මැදිහත් වී ඇතැයි ද කියා සිටියේය.

ඒ නිසාවෙන් මුස්ලිම් ජනතාවගේ ආකර්ශනය ඉවසා ගත නොහැකිව මෙවැනි උපායන් යොදන බවත්, ඔහුට මුස්ලිම් නායකයෙක් ලෙස ඔවුන්ව ආමන්ත්‍රණය කිරීමට නොහැකි විට මෙලෙස ජනතා විමුක්ති පෙරමුණ ඇදැ ගෙන ඇතැයි ද පැවසු නලින්ද ජයතිස්ස මහතා, කිසි දිනක තම පක්ෂය ජාතිවාදය දේශපාලනයට යොදා නොගන්නා බවත් පැවසීය.

හකීම් මහතාට සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාව වෙනුවෙන් කිරීමට නොහැකි වු කාර්යයන් ජාතික ජනබලවේගය යටතේ සිදු කරන බවත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here