සූවස් ඇළ අවහිර කරමින් අනතුරට ලක්ව ඇති ‘එවර් ගිවන්’ නෞකාව මුදා ගැනීමට සති ගනණාවක් ගතවනු ඇතැයි මුදාගැනීමේ කණ්ඩායම්  පවසති. 

0
169

සූවස් ඇළ අවහිර කරමින් අනතුරට ලක්ව ඇති ‘එවර් ගිවන්’ නෞකාව මුදා ගැනීමට සති ගනණාවක් ගතවනු ඇතැයි මුදාගැනීමේ කණ්ඩායම්  පවසති.

නැව එම ස්ථානයෙන් ගලවා ගන්නා තෙක්, සූවස් ඇළ පසුකර යෑමට නොහැකිව රැඳී සිටින නැව් ගණන 206 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරට භාණ්ඩ ප්‍රවාහන නෞකා, ගෑස් සහ ඉන්ධන නෞකා රැසක්ද සිරවී තිබීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාමට මේ වනවිට දැඩි බලපෑමක් එල්ල වෙමින් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 9.6ක වටිනාකමක් ඇති භාණ්ඩ හුවමාරුවක් මෙම අනතුර නිසා ඇණහිට තිබීමද ඉන් ප්‍රධාන කරුණකි.

මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල 6% කින් ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

චීනයේ සිට නෙදර්ලන්තයේ, රොටර්ඩෑම්  වරාය වෙත භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටි ‘එම්.වී. එවර් ගිවන්’ (MV EVER GIVEN) නෞකාව සූවස් ඇළ හරස් කරමින් අනතුරට ලක්වුණේ පසුගිය අඟහරුවාද පෙරුවරුවේදීය.

ඒ දූවීලි කුණාටුවක් හේතුවෙන් නැවේ පාලනය ගිලිහි යෑමත් සමගය.

සුවිසල් නෞකාව සූවස් ඇළේ එක් ඉවුරක ගැටී සිරවී ඇති නිසා, සහන කණ්ඩායම් ඇළ ඉවුරේ හානි වූ කොටස විශාල කරමින් නැව මාර්ග ගත කිරීමට උත්සාහ කළද ඊට සති ගණනාවක් ගතවනු ඇති බව නැව මුදා ගැනීමට පැමිණි කණ්ඩායම් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here