සරසවි ප්‍රජාව සජිත් ප්‍රේමදාස කෙරෙහි විශ්වාසය පළ කරති 

0
356

සරසවි ප්‍රජාව සජිත් ප්‍රේමදාස කෙරෙහි විශ්වාසය පළ කරති

සරසවි ඇඳුරෝ විශාල පිරිසක් සමගි බලය වටා රෝද බඳිති

සමගි බලය යටතේ බුද්ධි මණ්ඩලයක් පිහිටුවයි

විපක්ෂ නායකයාගේ බුද්ධි මණ්ඩලය ජනපතිගේ වියත් මඟ පරයා යයි

(සුජිත් මංගල ද සිල්වා)

 

රටේ සියලුම විශ්ව විද්‍යාල නියෝජනය වන අයුරින් එම විශ්ව විද්‍යාලවල සක්‍රීය සේවයේ නියුතු ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් විශාල පිරිසක් එකට එක්ව ජනතාවාදී විශ්ව විද්‍යාල ආචාර්ය සංසදය නමින් නව පුළුල් බලවේගයක් බිහි කරනු ලැබ තිබේ.

වඩාත් ප්‍රශස්ත, නවීන සහ යාවත්කාලීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජයග්‍රාහී දේශපාලන ගමනක යෙදී සිටින සමගි ජන බලවේගය තව තවත් බල ගන්වා ශක්තිමත් කරන අතර එම පක්ෂය මුල් කර ගෙන ඉදිරියේදී බිහි කරන නව ජනතා වාදී රාජ්‍ය පාලනයේ දී උපයෝගී කර ගත යුතු පාලන ක්‍රමවේදය සහ රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන ආකාරය සම්බන්ධයෙන් අදහස්, යෝජනා, සංකල්ප සේම ක්‍රියාමාර්ග යෝජනා කරන බුද්ධි මණ්ඩලයක් ලෙස මෙම ජනතාවාදී විශ්ව විද්‍යාල ආචාර්ය සංසදය බිහි කර තිබෙන්නේ සමගි ජන බලවේගය යටතේය.

ඒ අනුව දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වගේම ආණ්ඩුවට එරෙහි දේශපාලන සටනේ දී ඊට අදාළව උපාය උපක්‍රම යෝජනා කිරීම ඇතුළු බුද්ධිමය සක්‍රීය කාර්‍යභාරයන් රැසක් ජනතාවාදී විශ්ව විද්‍යාල ආචාර්ය සංසදයට පවරා තිබේ.

විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් විශාල පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සඳුදා (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී කළ යෝජනාවකට අනුව මෙම ජනතාවාදී විශ්ව විද්‍යාල ආචාර්ය සංසදය බිහි කිරීමට පියවර ගැනුණු අතර එම සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ආනන්ද ජයවික්‍රම සහ ලේකම්වරයා ලෙස ආචාර්ය එස් බාසකරන් යන මහත්වරුන් පත් කර ගනු ලැබිණ.

මේ අවස්ථාවට මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, මහාචාර්ය බරණ ජයවර්ධන, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන, මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ, මහාචාර්ය සිසිර පින්නවල, මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා, ආචාරය විශාකා සූරියබණ්ඩාර, ආචාර්ය දේශප්‍රිය රත්නායක, අචාර්ය ආර් රමේෂ්, ආචාර්ය සම්පත් රාජපක්ෂ, ආචාර්ය ඩී ආර් ප්‍රභාත් ඒකනායක, ආචාර්ය ඒ ජයන්ත සහ ආචාර්ය අයි ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here