සජිත් රනිල්ව මුණ ගැහුනේ දේශපාලන පලිගැනිම් පිළිබද කොමිසම පිළිබද කතා කරන්නයි. තිස්ස.

0
277

සජිත් රනිල්ව මුණ ගැහුනේ දේශපාලන පලිගැනිම් පිළිබද කොමිසම පිළිබද කතා කරන්නයි. නැතුව දේශපාලන සංධානගත වීම් වලට නෙමෙයි. තිස්ස.

දේශපාලන පලිගැනීම් පිළිබද කොමිසම පිළිබද සාකච්ජා කිරීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර සිටිනවා. අද දින(15) විශේෂ මාධ්‍ය සාකච්ජාවක් පවත්වා එ මහතා මේ පිළිබදව ප්‍රකාශ කර සිටියි.

දේශපාලන පලිගැනීම් පිළිබද කොමිසම විපක්ෂයේ දේශපාලඥයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ම අවධානය යොමු කර ඇති නිසා රනිල් ඇතුලු ඔවුන් සියලු දෙනා පිළිබදම විස්තර ලබා ගනිමින් විපක්ෂ නායක ධූරයේ වගකීම ඉෂ්ඨ කිරිම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතාව මුණ ගැසුණු බවත් එ හැරුණු කොට පොහොට්ටුවේ සමාජ මාධ්‍ය එකක පවසන ආකාරයකට සජිත් සහා රනිල් අතර කිසිදු දේශපාලන සන්ධාන ගත වීමක් පිළිබදව සාකච්ජාවක් සිදු නොවුණ බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here