සජිත් බදුල්ලට. ගොවි ජනතාවගේ ප්‍රශ්න වලට මැදිහත් වේ.

0
288

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරියේ බදුලු ගොවි ජනතා අදෝනාව දිගහැරෙයි.

නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම අඹගස්දෝව ප්‍රදේශයේ හරිතාගාරයක් නීරීක්ෂණය කිරීමට සහභාගී විය.

අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා එම පරිශ්‍රයේ පැවති ගොවි හමුවකට සහභාගි විය.

විශේෂයෙන්ම ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව පැවති මෙම සංවාදශීලී හමුවේ දී ගොවි ජනතාව සිය ගැටළු විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කළහ.

හරිතාගාර ආශ්‍රිතව වගා කටයුතු කරන ගොවීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගොවි ජනතාව මුහුණ දෙන දහසකුත් එකක් ප්‍රශ්න අතර පොහොර හිගය, අස්වැන්න අලෙවි කිරීමේ ගැටළු, වගා හානි වලට සහන නොලැබීම, අතරමැදියන් නිසා සිදුවන පාඩු මෙන්ම වෙළෙඳපොල මාෆියාව ගැනද ගැටලු ඉදිරිපත් විණි.

ජනතාවගේ දෙපතුල අසලට ගොස් ප්‍රශ්න වලට විසදුම් සොයන බව තමන් පවසන විට එකල ඇතැමුන් සිනා සී සමච්චල් කළ බවත් තමන් එදා කී දේ අද සත්‍ය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කීය.

විපක්ෂ නායකයා හැටියට ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඩ නගන බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගමින් ගමට ගොස් ජනතාව සමග කටයුතු කරන බවද කීය.

රණසිංහ ප්‍රේමදාස මහතා විපක්ෂයේ සිටියදීම ජංගම සේවා සිදුකළ බව සිහිපත් කළ ඒ මහතා, තමන් විපක්ෂ නායකයා ලෙස ජංගම සේවය සිදු කරන බව පැවසීය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here