ගෝඨාභය, සජිත් අමෙරිකාවේ නව ජනපතිට සුබ පතයි

0
240

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන් ට සහ උප ජනාධිපතිනී කමලා හැරිස් ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සුබ පැතුම් එක්කර තිබේ.

ජනාධිපතිවරයා සිය නිල ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, “ශක්තිමත් ද්වීපාර්ශ්වික සබඳතාවයක් ඇති කර ගැනීම සඳහා එකට වැඩකිරීමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු,” යනුවෙනි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.

“ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් ට සහ උප ජනාධිපතිනී කමලා හැරිස් ට සිය ධූරයන්හි රාජකාරි ඇරඹීම වෙනුවෙන් සුබ පතමි. අප දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔබ සමග කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි. ඔබගේ ධූරකාලය වෙනුවෙන් සුබ පතමි”.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, නව ජනාධිපතිට හා උප ජනාධිපතිනීට උණුසුම් සුබ පැතුම් කරන බවය.

මේ අතර ට්විටර් පණිවුඩයක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ, “ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මම ඔබ දෙදෙනාට සුබ පතමි,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here