ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය අත්හිටුවයි

0
165

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමටයි තීරණය කර තිබේ.

බටහිර ඉන්දිය කොදෙව් තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 18 වනදා දිවයිනෙන් පිටත්වයෑමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ළහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුව සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ද මේ වනවිට නතරකර ඇති බැවින් කොදෙව් ක්‍රිකට් සංචාරය ගැන තීරණයක් ගැනීමට එයද බලපා ඇති බව වාර්තා විය.

ක්‍රිකට් පුහුණුවීම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here