වෙළෙඳපොළේ ටයර් හිඟයක්

0
104

ටයර් ආනයනයට රජය සීමා පැනවීමත් සමග වෙළෙඳපොළේ ටයර්වල මිල වැඩිවීමක් සහ හිඟයක් මේ වනවිට වාර්තා වේ.

එවන් පසුබිමක ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ‍ඊයේ (22) පොලිසිය විසින් ආරම්භ කළේය.

රථ වාහනවල ටයර් නිසි තත්ත්වයෙන් පවතින්නේදැයි සොයා බැලීම සඳහා පොලිසිය එලෙස මෙහෙයුමක් ආරම්භ කළේය.

ඒ අනුව, ඊයේ මෙන්ම අදත් දිවයිනේ ස්ථාන කිහිපයකම රථවාහන පොලිසිය විසින් පරීක්ෂා කෙරුණු අයුරු දක්නට ලැබුණි.

නමුත් විශේෂයෙන් ම රියැදුරන් පැවසුවේ ආදායම් අහිමිව ඔවුන් ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අවස්ථාවක පොලීසිය හරහා ඔවුන්ට දඩ පත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවය.

Adaderana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here