විෂ පොල් තෙල් තොගයක් නැවත මැලේසියාවට යැවෙයි

0
59

පසුගිය දිනවල දැඩි ආන්දෝලනයට ලක්වූ අනුමත ප්‍රමාණයට වඩා ඇෆලටොක්සීන් නමැති රසායනිකය අඩංගු වූ පිරිපහදු නොකළ පොල් තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව අද (08) දින පියවර ගනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය සහ ප්‍රමිති ආයතනය විසින් එම පොල් තෙල් ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව, එදිරිසිංහ එඩිබල් ඔයිල් පුද්ගලික සමගම විසින් ආනයනය කර තිබූ පිරිපහදු නොකළ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක්‌ ශ්‍රී ලංකා රේගුවේ පූර්ණ අධීක්ෂණය යටතේ එම සමාගමේ ගබඩාවලින් අඩි 20 සේ බහාලුම් 12 කට පටවා අප්‍රේල් මස 30 වන දින ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වාරයේ SAGT පර්යන්තය වෙත ගෙන එනු ලැබීය.

ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි නෞකාවට එම බහාලුම් 12 අද දින පැටවූ අතර එම නෞකාව අද දින රාත්‍රි 9 ට පමණ කොළඹ වරායෙන් මැලේසියාව බලා පිටත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here