විපක්ෂයට අවශ්‍ය විදිහට ඉන්ධන මිල අඩු කරන්නේ නැහැ!

0
387

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල පහළ ගියද එම සහනය එකවර මෙරට ජනතාවට ලබා දිය නොහැකි බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල අඩු කළද එකවරම එම සහනය ජනතාවට නොයන බවයි ඔහු පෙන්වාදුන්නේ.

පසුගිය ආණ්ඩුව සමයේද ඉන්ධන මිල අඩු කළ අවස්ථාවලදී ඊට සාපේක්ෂව බස් ගාස්තු පහළ යාම,ත්‍රී රෝද රථ ගාස්තු පහළ යාම, පාසල් බස්රථ ගාස්තු අඩු වීම හෝ යනාදී සහනයන් නොලැබුණ බවයි අමරවීර මහතා කියා සිටියේ.

ඒ අනුව වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ එම ඉන්ධන මිලේ පහත වැටීම මඟින් සෘජුවම ජනතාවට සහනයක් අත්වන අයුරින් බවයි ඔහු පැවසුවේ.

මිල සූත්‍රය රටට නොගැළපෙන අතර එහි වාසිය යන්නේ ව්‍යාපාරිකයන්ට බව පැවසූ අමරවීර මහතා සඳහන් කළේ රටට ගැළපෙන්නේ ස්ථාවර මිලකට පවත්වා ගෙන යාම බවයි.

ඒ අනුව ඉන්ධන මිලේ පහත වැටීම හරහා ජනතාවට ලැබිය යුතු සහන පිළිබඳව තමන් කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබෙන අතර නුදුරේදී අවශ්‍ය සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළකළේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here