විදේශ ඇමති අද මානව හිමිකම් සැසිය අමතයි

0
197

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ඇමතීමට නියමිත ය.

මෙවර ජිනීවා සැසිවාරය අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (22) ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රතිසන්ධානය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචෙලේ මහත්මියගේ වාර්ෂික වාර්තාව හෙට (24) දිනයේ කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here