විජයග්‍රහණයට වසර 12 යි. ප්‍රධාන සැමරුම් උළෙල ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අබියසදී…

0
40

නිදහස් හා නිවහල් දේශයක් වෙනුවෙන් තම දිවි කැප කළ දේශප්‍රේමීන් අනුස්මරණය කරමින් 12 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු ස්මාරකය අබියසදී අද පස්වරු 4.15 ට පැවැත්වේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙනි.

ආරක්ෂක අමාත්‍යශයේ පුර්ණ අධික්ෂණය යටතේ රණවිරු සේවා අධිකාරිය විසින් මෙම සැමරුම් උළෙල සංවිධාන කරනු ලබයි.

2009 වසරේ මැයි මාසයෙන් අවසන් වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි තිස් වසරක සටනේදී උත්තරීතර කැපකිරීම් කළ යුද්ධ හමුදා සාමාජිකයින් 23,962 කු නාවික හමුදාවේ 1160 කු ගුවන් හමුදාවේ 443 කු , ශ්‍රී ලංකා පොලිසියේ 2598 කු සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු මෙම සැමරුම් උළෙලේදී සිහිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here