වැඩ නිම නොවු අධිවේගී මාර්ගය විවෘත වෙයි?

0
524

අද දින (23) මහත් උත්සවශ්‍රීයෙන් විවෘත කරන කරන ලද මාතර හම්බන්තොට අධීවේගි මාර්ගය වැඩ සම්පූර්ණයෙන්ම අවසන් නොකරන ලද හා නිසි ප්‍රමිතියෙන් තොරව ඉදි කරන ලද්දක් බවට තොරතුරු වාර්ථා වෙයි. 

මෙහිදි 30+000 – 50+000 දක්වා කොටසෙහි වැඩ නිසි ප්‍රමිතියකින් තොරව සිදු කර ඇති අතර, නාය ගොස් දැඩි අනතුරුදායක මට්ටමක පවතින කන්දෙහි වැඩ අවසන් කර ඇත්තේද සියයට 60ක් පමණය. 

Local Roadහී වැඩ කඩිමුඩියේ අවසන් කර ඇත්තේද කිසිදු ප්‍රමිතියකින් තොරවය. 

ඊට අමතරව මෙම විවෘත කිරීමේ අවස්ථාව ආවරණය කිරීමට මෙරට කිසිදු මාධ්‍යවේදියෙකුට අවස්ථාව ලබා දි නැති අතර ඊට හේතු ලෙස බළධාරීන් විසින් කිසිවක් පවසාද නොමැත. 

කිසිදු ප්‍රමිතියකින් තොරව බාගෙට වැඩ අවසන් කරන ලද මෙම අධිවේගයේ සත්‍ය තත්වය මහජනතාව වෙත සන්නිවේදනය වීම වළක්වා ගැනීම සදහා ආණ්ඩුව විසිණ් මෙම මාධ්‍ය තහංචිය පනවන්නට ඇතැයි උපකල්පනය කල හැකිය.

අධිවේගය විවෘත කිරිමට පෙර දිනයේ, එනම් 2020 පෙබරවාරි මස 22 වන දිනයේ අධිවේගී මාර්ගයේ තවමත් වැඩ සම්පූර්ණ නොකළ ස්ථානයන් වල ගන්නා ලද චායාරූප පහත දැක්වේ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here