වරාය නගරය වෙනම රටක් කර විකුණන්න දෙන්නේ නෑ. විපක්ෂ නායක

0
152

රට වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතා කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පණිවිඩයක්!

ආණ්ඩුව මුළු රටම තුට්ටු දෙකට විකුණා දැමීමේ බරපතළ ව්‍යාපෘතියක යෙදී සිටින බවත් පෝට් සිටි ව්යාපෘතිය හරහා ඒ බව වඩා හොඳින් පැහැදිලි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) හම්බන්තොට දී පැවසීය.

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව විපක්ෂය හැටියට කොන්දේසි විරහිතව තමන් පෙනී සිටින බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ වියරු ස්වභාවයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙනුත් පෙනී සිටින බවත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමද සමගි ජන බලවේගය සිදුකරන බවත් පැවසීය.

ආණ්ඩුවේ සිටින සැබෑ ප්‍රගතිශීලී සියළු බලවේග වලට සමගි ජන බලවේගය සමග එක්වන ලෙසදෑත් දිගු කරමින් ආරාධනා කරන බවද ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here