වතිකානයේ පැවති දේව මෙහෙයට අඩු පිරිසක්

0
266

 

කොරෝනා වසංගත අවදානම හේතුවෙන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ නත්තල් දේව මෙහෙය ඉතා සුළු පිරිසකට සීමාවිය.

පළමු වතාවට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පණිවිඩය ගෙනඑනු ලැබුවේ, දේවස්ථානය තුළදී වීම විශේෂත්වයකි.

වෙනදා නත්තල් දේව මෙහෙය සඳහා බැතිමතුන් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් සහ ලොවපුරා රාජ්‍ය තාන්ත්‍රිකයින් 200කට ආසන්න පිරිසක් එක්වූවත් මෙවර එය සියදෙනකුට සීමා කොට තිබුණි.

කොවිඩ් සෞඛ්‍ය නීතිවලට ගරු කළ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මධ්‍යම රාත්‍රීයට පෙර දේව මෙහෙය අවසන් කිරීම විශේෂත්වයකි.

මෙහිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ ගීතිකා කණ්ඩායම හැර දේව මෙහෙයට එක්වු අනෙක් සියලුදෙනා මුඛ ආවරණ පැළඳ සිටිනු දක්නට ලැබිණි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුවේ,”දෙවියන් වහන්සේගේ පුත්‍රයා ප්‍රතික්ෂේප වූවෙකු ලෙස මෙලොව උපත ලැබුවේ ප්‍රතික්ෂේප වන සියලුදෙනා දෙවියන් වහන්සේගේ දරුවෝ බව අපට පැවසීමටයි. සෑම දරුවෙකුම මෙලොව උපත ලබන ආකාරයට දුර්වලව හා අවදානම් සහගතව උන්වහන්සේගේ උප්පත්තිය සිදුවුයේ අපගේ දුර්වලතා පිළිගැනීම් අපට ඉගෙන ගැනීම සඳහායි,” යනුවෙන් පැවසුහ.

එමෙන්ම ඉතාලිය තුළ පනවා ඇති කොවිඩ් සංචරණ නීති හේතුවෙන් අද උදෑසන සාන්ත පීතර චතුරස්‍රය ජනශූන්‍ය වී ඇති ආකාරය දක්නට ලැබුනු බව විදෙස් මාධ්‍ය පැවසීය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here