ලෝක සාගර දිනය අදයි

0
38

ලෝක සාගර දිනය අදට (09) යෙදී තිබේ.

සමුද්‍රීය පරිසරයෙහි වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාවට දනුවත් කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස නම් කරනු ලැබිය.

අදට යෙදී ඇති ලෝක සාගර දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය පවසා සිටියේ, “එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ අපද්‍රව්‍ය හේතුවෙන් මේ වන විට සාගරය හා වෙරළ තීරය අපවිත්‍ර වී ඇති බවය.

ඒ අනුව හැකි ඉක්මනින් අපවිත්‍ර වී ඇති වෙරළ තීරයන් පිරිසිදු කිරීමටත් යම් හානියක් පරිසර පද්ධතියකට සිදුව ඇත්නම් එය හැකි ඉක්මනින් ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් කටයුතු කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍රී ලාංකීකයන් වර්ෂයකට අපද්‍රව්‍ය මෙක්ට්‍රික් ටොන් මිලියන 34ක් සාගරයට මුද හරින බවත් එම කටයුත්තෙන් බැහැරව තමන්ගේ අපද්‍රව්‍ය සාගරයට බැහැර කිරීම නතර කරන ලෙසත් නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය ලාංකීකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ලෝක සාගර දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් අපේ මාතෘ භූමියේ පැවැත්ම සහ සුන්දරත්වය වෙනුවෙන් සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට පෙළගැසෙමු යැයි ද අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයේ දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here