ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

0
361

ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල තවදුරටත් පහත බැස ඇත.

අමෙරිකානු ඩබ්ලිව් ටී.අයි.බොරතෙල් ඉන්ධන බැරලයක මිල ඊයේ සටහන් වුයේ අමෙරිකානු ඩොලර් 44යි දශම හතයි හයක් ලෙසයි. 

එය පෙර සතියට වඩා අමෙරිකානු ඩොලර් හතකට ආසන්න අගයකින් පහත වැටීමකි. 

බ්‍රිතාන්‍යය බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 49යි දශම හයයි හතකට අලෙවි වන අතර එය පසුගිය සතියේ දී ඩොලර් 56යි දශම එකකට අලෙවි වී තිබුණි.  

මීට අමතරව ලෝක වෙළෙඳපලේ ගෑස් සහ රත්‍රං මිල ද පහත බැස ඇති බවයි වාර්තා වන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here