ලෝක මැලේරියා දිනය අදයි

0
60

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ.

2012 වර්ෂයේ සිට පුරා වසර 09ක් මැලේරියාවෙන් තොර රටක් ලෙස ශ්‍රී ලංකාව අද දිනයේ මැලේරියා දිනය සමරනු ඇති.

රට තුළ මැලේරියාව බෝවීමක් හෝ ව්‍යාප්තියක් නොමැති වුවද ලෝකයේ මැලේරියා බහුල රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස වැඩිවීමත්, රටතුළ මැලේරියා වාහක මදුරුවන් සිටීමත් නිසා මෙරට මැලේරියාව යළි හිස එසවීමේ අවදානමක් පවතින බව මලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ මෙරටින් වාර්තා වී ඇත්තේ මැලේරියා රෝගීන් 30දෙනෙකු පමණක් බවත් මෙම වසරේ මේ වන තෙක් වාර්තා වී ඇත්තේ රෝගීන් 7 දෙනෙකු පමණක් බවත් වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

අප්‍රිකානු රටවල සිට පැමිණේන පුද්ගලයින්ගෙන් සහ ඉන්දියාවේ සිට පැමිණේන පුද්ගලයින්ගෙන් මෙරටට වැඩි අවදානමක් තිබෙන බැවින් තමන් එවැනි රටකට යාමට සූදානමින් හෝ එහි සිට පැමිණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

මැලේරියා රෝගය සම්බන්ධයෙන්  0117626 626 අංකය අමතා වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here